ජ’පුර සරසවියේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති තනතුරට වෛද්‍ය කොමදෝරු පලිපාන පත්වෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති ලෙස වෛද්‍ය කොමදෝරු (දන්ත) අයි.ඩබ්.ඒ.පී. ඩී. පලිපාන මහතා පත් කර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති ලෙස, ප්‍රතිස්ථාපන දන්ත වෛද්‍ය විද්‍යා මහාචාර්ය හා නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාවේ බාහිර උප‍දේශකවරයෙක් පලිපාන මහතා කටයුතු කරන බවයි.

මෙම පත්වීම් ලිපිය පිරිනැමීම අප්‍රේල් මස 08 වැනි දින සිදු කෙරුණා.

මහාචාර්ය වෛද්‍ය කොමදෝරු (දන්ත) අයි.ඩබ්.ඒ.පී. ඩී. පලිපාන, ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සක්‍රීය සාමාජිකයෙක් ලෙස ද කටයුතු කරන්නෙක්.