පේරාදෙණියේ සරසවි සිසු විරෝධතාවකට කඳුළු ගෑස් ප්‍රහාරයක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පැවැත්වූ විරෝධතාවකට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

සමාජ මාධ්‍ය වාරණ පනත සහ වෛද්‍ය උපාධි මුදලට ලබාදීමේ රජයේ තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බව සඳහන්.

අප වාර්තාකරුවන් කියාසිටියේ පේරාදෙණිය තානායම ආසන්නයේදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ බවයි.