ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පෙර දැනුම්දීමකින් තොරව යුක්‍රේනයට පැමිණි එරට ජනධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමු වී තිබෙනවා.
ජෝ බයිඩන් ජනාධිපතිවරයා මෙලෙස යුක්‍රේනයට පැමිණ ඇත්තේ රුසියානු – යුක්රේන යුද්ධයට වසරක් සම්පූර්ණවීමත් සමඟ වීම විශේෂත්වයක්.
එහිදී යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලේන්ස්කී විසින් ඇමරිකානු ජනධිපතිවරයා ඉත උණුසුම් අයුරින් පිළිගනු ලැබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
රුසියානු – යුක්‍රේන යුද්ධයේ දී ඇමෙරිකාවේ සහාය තව දුරටත් යුක්‍රේනයට ලබාදෙන බවයි ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර බයිඩන්ගේ හදිසි යුක්‍රේන සංචාරය සම්බන්ධයෙන් රුසියනු රජය දැඩි විරෝධය පළ කර තිබෙනවා.



















