පෙරහැරක් නිසා විශේෂ රථ වාහන සැලැස්මක්

කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහර හේතුවෙන් එම ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

28 වන වරටත් පවත්වනු ලබන මෙම පෙරහර හෙට (27) පස්වරු 6ට විහාරස්ථානයෙන් ආරම්භ වී විථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව හෙට පස්වරු 6 සිට අලුයම 2 දක්වා පෙරහර අවසන් වන තෙක් පෙරහර ගමන් කරන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

Police Traffic1
Police Traffic2