පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට මැර ප්‍රහාරයක් (වීඩියෝ)

ගම්පහ, යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට අද (02) උදෑසන කඩාවැදුණු පිරිසක් එහි සිටි පුද්ගලයින්ට පහර දෙමින් බලහත්කාරයෙන් එම කාර්යාලය අත්පත් කරගැනීමට උත්සාහ ගත් බව එම කාර්යාලයේ රැඳී සිටි පාක්ෂිකයින් පිරිසක් චෝදනා කරනවා.

එලෙස කඩාවැදුණු පිරිස අතර ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ද, ආණ්ඩු පක්ෂයේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිපදෙනෙක් ද සිටි බවයි ඔවුන් පවසන්නේ.

ජනතා විමුක්ති පෙරමුණ ඛණ්ඩනයට ලක් වීමට පෙර මෙම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල එම පක්ෂය සතුව පැවතියත් පක්ෂය ඛණ්ඩනයෙන් පසු වසර 14ක් පමණ තිස්සේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය තම මැතිවරණ කටයුතු, පක්ෂ සංවිධාන කටයුතු, බහුජන මැදිහත්වීම් ආදී පක්ෂයේ නිල කටයුතු මෙම ස්ථානය මූලික කරගෙන ක්‍රියාත්මක කර තිබෙනවා.

නමුත් ජනතා විමුක්ති පෙරමුණෙන් එම ගොඩනැගිල්ල පිළිබද නඩු තීන්දුවක් සතු යැයි පවසමින් මෙලෙස පහර දී කාර්යාලය සහිත ගොඩනැගිල්ල අත්පත් කර ගැනීමට උත්සාහ දැරීම අයුක්ති සහගත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවසනවා.

“අධිකරණ නියෝගයක් තිබෙනවානම් එය ක්‍රියාත්මක කළ යුත්තේ පිස්කල් නිලධාරියා ඇතුළු අධිකරණ නිලධාරීන්, දැන් අධිකරණ බලතල ජවිපෙට පවරාගෙනද? ටිල්වින් සිල්වා අගවිනිසුරු නෙවෙයි, විජිත හේරත් නීතිපති නෙවෙයි, මහින්ද ජයසිංහ ගම්පහ පිස්කල් නිලධාරියා නෙවෙයි. ජවිපෙ අධිකරණ බලතල අතට අරන්ද? පොලීසියේ බලයනම් අතට අරන් බව පෙනෙනවා. පොලීසිය පක්ෂ කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදුණු මැරයන් ඉවත් කරනවා වෙනුවට පොලීසිය මාර්ග බාධක යොදමින් මැරයන් ආරක්ෂා කරනවා”. යැයි මේ පිළිබද අදහස් පළකරමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39