spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙම්සුව විඳින බාල, තරුණ ජෝඩුවල රජ දහනක් පොලිසියෙන් වටලයි

හෝමාගම නගරයේ පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක ආවරණය කළ කුඩා කුටි තුළ බාලවයස්කරුවන් අශෝබනව කටයුතු කරන බවට ලද පැමිණිලි මත එම ස්ථානය අද (24) දිනයේ වටලා තිබෙනවා.

හෝමාගම මූලස්ථාන පොලිසිය විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර, එම වැටලීමේ දී අදාළකුඩා කුටි තුළ සිටි ජෝඩු 24ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ස්ථානය සම්බන්ධයෙන් පුද්ගලයින් රැසකගෙන් ලද පැමිණිලි මත පොලීසිය විසින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලබාගත් සෝදිසි කිරීමේ නියෝගයක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

පොලිසිය විසින් මෙම වැටලීම සිදුකර අවස්ථාවේ එම කුටි තුළ සිටි ජෝඩු බොහොමයක් ඇඳ සිටි ඇඳුම් පැළඳුම් ද ගලවා දමා සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

අදාළ ස්ථානයට පැමිණ සිටි බොහෝ දෙනෙක් උපකාරක පන්ති යන බව පවසමින් එම ස්ථානයට පැමිණ සිටි බවට ද අනාවරණය වී තිබුණා.

පොලිස් භාරයට ගත් අදාළ පිරිසේ සිටි ගැහැණු ළමුන්ගේ භාරකරුවන් වෙත පොලිසිය විසින් දුරකථන ඇමතුම් ලබාදී කරුණු පැහැදිලි කිරීමට ද කටයුතු කර තිබෙනවා.

පසු දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව මෙම පිරිස මුදාහැරීමටයි පොලිසිය කටයුතු කළේ.

මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ දී එම උද්‍යානයේ හිමිකරු පැමිණ පොලිස් නිලධාරීන් සමඟ මත ගැටුමක් ඇතිකර ගැනීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ද ඇති වූ බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
8
+1
80
+1
13
+1
5
+1
5
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?