පෙම්සුව විඳින බාල, තරුණ ජෝඩුවල රජ දහනක් පොලිසියෙන් වටලයි

හෝමාගම නගරයේ පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක ආවරණය කළ කුඩා කුටි තුළ බාලවයස්කරුවන් අශෝබනව කටයුතු කරන බවට ලද පැමිණිලි මත එම ස්ථානය අද (24) දිනයේ වටලා තිබෙනවා.

හෝමාගම මූලස්ථාන පොලිසිය විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර, එම වැටලීමේ දී අදාළකුඩා කුටි තුළ සිටි ජෝඩු 24ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ස්ථානය සම්බන්ධයෙන් පුද්ගලයින් රැසකගෙන් ලද පැමිණිලි මත පොලීසිය විසින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලබාගත් සෝදිසි කිරීමේ නියෝගයක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

පොලිසිය විසින් මෙම වැටලීම සිදුකර අවස්ථාවේ එම කුටි තුළ සිටි ජෝඩු බොහොමයක් ඇඳ සිටි ඇඳුම් පැළඳුම් ද ගලවා දමා සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

අදාළ ස්ථානයට පැමිණ සිටි බොහෝ දෙනෙක් උපකාරක පන්ති යන බව පවසමින් එම ස්ථානයට පැමිණ සිටි බවට ද අනාවරණය වී තිබුණා.

පොලිස් භාරයට ගත් අදාළ පිරිසේ සිටි ගැහැණු ළමුන්ගේ භාරකරුවන් වෙත පොලිසිය විසින් දුරකථන ඇමතුම් ලබාදී කරුණු පැහැදිලි කිරීමට ද කටයුතු කර තිබෙනවා.

පසු දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව මෙම පිරිස මුදාහැරීමටයි පොලිසිය කටයුතු කළේ.

මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ දී එම උද්‍යානයේ හිමිකරු පැමිණ පොලිස් නිලධාරීන් සමඟ මත ගැටුමක් ඇතිකර ගැනීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ද ඇති වූ බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

  1. EKA GOSIPEK KIYANAWA MEKE MURAKARU AWITH WADHA KALA KIYALA. MEKA KIYANAWA HIMIKARU AWA KIYALA. MOKA UNATH KUDALAGENA GIHINA LOCKUP KORANNA ONA NEDHA, EYI BHAYADHA, U EHEMA IRC PART DANNE PALATHE LOKU DESHAPALUWEK MEKE PITIPASSE THI. POLICIYATH EKATA BHAYAYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46