පෙම්වතියගේ පියාට පෙම්වතාගෙන් වෙඩි

ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ තරුණයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදු කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ; වෙඩි තැබූ තරුණයා සහ තුවාල ලැබූ පුද්ගලයාගේ දියණිය අතර පෙම් සබඳතාවක් පවත්වා ඇති බවත්; එය නතර කරන ලෙසට දියණියගේ පියා විසින් වරින් වර දැනුම්දෙනු ලැබුව ද දෙපාර්ශ්වය විසින් ම එය නොතැකූ නිසාවෙන් සිය දියණියව අමෙරිකා එක්සත් ජනපදයට පිටත්කර යවා ඇති බවයි.

සිය පෙම්වතියව විදෙස් රටකට යැවීම හේතුවෙන් ඇති වූ අධික කේන්තිය මත අදාළ පෙම්වතා විසින් පෙම්වතියගේ පියාට වෙඩි තබා තිබෙනවා.

මෙම වෙඩි තැබීම ඊයේ (10) පස්වරුවේ සිදු ව ඇත්තේ රචකොන්ඩා කොමසාරිස් කාර්යාලයේ සරූර්නගර් පොලිස් ස්ථානයට අයත් වෙන්කටේෂ්වර ජනපදයේ දීයි.

සැකකාර පුද්ගලයා මේ වනවිට පොලිස් අත් අඩංගුවේ පසුවන අතර ඔහු 25 හැවිරිදි තරුණයෙක්.

රේවන්ත් ආනන්ද් නමැති පෙම්වතියගේ පියාගේ ඇසට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර ඔහු මේ වනවිට රෝහල්ගත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16