පෙම්වතියගේ පියාගෙන් 20 හැවිරිදි පෙම්වතාගේ හිසට උදලු ප්‍රහාරයක්

රාත්‍රී කාලයේ පෙමවතියගේ නිවස අසළට ගොස් ඇය සමඟ කතා බස් කරමින් සිටි තරුණයෙක්ට පෙම්වතියගේ පියා විසින් උදැල්ලකින් පහර දී බරපතළ තුවාල සිදුකළ පුවතක් නුංගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පෙරේදා (30) රාත්‍රියේ මෙම පහරදීම සිදුකර ඇති අතර, පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ 20 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවූ ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ වේයන්ගොඩ, එළුවාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්.

පෙරේදා (30) රාත්‍රියේ මෙම තරුණයා මුද්දරගම, වත්තේගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි, සිය පෙම්වතියගේ නිවස අසලට ගොස් ඇත්තේ ඇය මුණගැසීමේ අරමුණින්.

එහිදී පෙම්වතිය ද නිවසට හොර රහසේ සිය පෙම්වතා හමුවීම සඳහා නිවසින් බැහැරට පැමිණ ඇති අතර, පසුව දෙදෙනා මුණගැසී කතාබස් කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ඒ අසළට පැමිණි පෙම්වතියගේ පියා විසින් පෙම්වතාගේ හිසට උදැල්ලකින් පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහරදීමට සම්බන්ධ සැකකාර පුද්ගලයා ඊයේ (31) නුංගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16