spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙබරවාරි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ඉන්දියාවේ ජයිස්වාල්

අනතර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පෙබරවාරි මාසයේ ක්‍රීඩකයා ලෙස ඉන්දීය ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල් තේරී පත්ව තිබෙනවා.

එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ දී දැක් වූ අති විශිෂ්ඨ දක්ෂතා පදනම්කරගෙන මෙම තෝරාපත්කර ගැනීම සිදුකර ඇති අතර, ඊට ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ලබාදෙන මනාපයත් බලපානු ලබනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය සතියේ දී පෙබරවාරි මාසයේ ක්‍රීඩකයා ලෙස නිර්දේශිත නාමයන් තුනක් ඉදිරිපත් කරනු ලැබුවා.

ජයිස්වාල්ට අමතරව ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිශ්සංක, නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් ඒ අතරට අයත්.

එම ක්‍රීඩකයින් තිදෙනා අතරින් පෙබරවාරි මාසයේ ක්‍රීඩකයා ලෙස ඉන්දීය ක්‍රීඩක යෂස්වි ජයිස්වාල් මෙලෙස තේරී පත්ව තිබෙනවා.

22 හැවිරිදි වියේ පසුවන ජයිස්වාල් එංගලන්තය සමඟ විශාකාපට්නම් හි පැවති දෙවන ටෙස්ට් තරඟයේ දී වාර්තා කළ විශිෂ්ට ද්විත්ව ශතකය ඔහුව පෙබරවාරි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට නිර්දේශ වීමට වැඩි බලපෑමක් එල්ල කළා.

අයි.සී.සී පෙබරවාරි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තේරී පත් වූ යෂස්වි ජයිස්වාල් සඳහන් කළේ මෙම සම්මානය දිනාගැනීම ගැන ඉතා සතුටු වන බවත්, අනාගතයේදී තවත් බොහෝ දේ ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?