පෙබරවාරි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ඉන්දියාවේ ජයිස්වාල්

අනතර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පෙබරවාරි මාසයේ ක්‍රීඩකයා ලෙස ඉන්දීය ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල් තේරී පත්ව තිබෙනවා.

එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ දී දැක් වූ අති විශිෂ්ඨ දක්ෂතා පදනම්කරගෙන මෙම තෝරාපත්කර ගැනීම සිදුකර ඇති අතර, ඊට ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ලබාදෙන මනාපයත් බලපානු ලබනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය සතියේ දී පෙබරවාරි මාසයේ ක්‍රීඩකයා ලෙස නිර්දේශිත නාමයන් තුනක් ඉදිරිපත් කරනු ලැබුවා.

ජයිස්වාල්ට අමතරව ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිශ්සංක, නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් ඒ අතරට අයත්.

එම ක්‍රීඩකයින් තිදෙනා අතරින් පෙබරවාරි මාසයේ ක්‍රීඩකයා ලෙස ඉන්දීය ක්‍රීඩක යෂස්වි ජයිස්වාල් මෙලෙස තේරී පත්ව තිබෙනවා.

22 හැවිරිදි වියේ පසුවන ජයිස්වාල් එංගලන්තය සමඟ විශාකාපට්නම් හි පැවති දෙවන ටෙස්ට් තරඟයේ දී වාර්තා කළ විශිෂ්ට ද්විත්ව ශතකය ඔහුව පෙබරවාරි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට නිර්දේශ වීමට වැඩි බලපෑමක් එල්ල කළා.

අයි.සී.සී පෙබරවාරි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තේරී පත් වූ යෂස්වි ජයිස්වාල් සඳහන් කළේ මෙම සම්මානය දිනාගැනීම ගැන ඉතා සතුටු වන බවත්, අනාගතයේදී තවත් බොහෝ දේ ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08