පෙනීම දුර්වල වන අලියාට වනජීවියෙන් පිහිටක් (ඡායාරූප)

ගල්කිරියාගම අලුත්වැව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි ඇස් පෙනීමේ දුර්වලතාවයකින් යුත් වන අලියකු නිරුපද්‍රිතව ගොඩ ගෙන රක්ෂිතයට පලවා හැරිමට ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින් අද දහවල් කටයුතු කළා.

අලුත්වැව ප්‍රදේශයේ පිහිටි කුඹුරු ඉඩමක තිබූ අනාරක්ෂිත වගා ළිදකට එම අලියා වැටී සිටි අතර එම සත්වයා ඇස් පෙනීමේ දුර්වලතාවයකින් පෙළෙන බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

කලාවැව ජාතික උද්‍යානයේ සිට ආහාර සොයා ඊයේ රාත්‍රියේ ගම්වැදුනු අවස්ථාවේ මෙම අලියා මෙලෙස වගා ළිදට වැටී ඇතැයි සැක කෙරෙනවා.

ළිඳේ වැටී සිටි වන අලියා වයස අවුරුදු 35ක් පමණ වන අතර උස අඩි 9ක් පමණ වනවා.

වන අලියා ඉන් ගොඩ ඒම සදමා මහත් පරිශ්‍රමයක් යොදා තිබූ අතර එම උත්සහයන් ව්‍යාර්තව තිබූ බව සඳහන්.

ඒ අනුව බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන එම වන අලියා ගොඩ ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට ගල්කිරියාගම වනජීවී නිලධාරීන් කටයුතු කළ අතර එම මෙහෙයුම දැකබලා ගැනීම සඳහා ප්‍රදේශවාසින් විශාල පිරිසක් ද එක්ව සිටියා.

පැය දෙකක පමණ කාලයක් සිදු කළ මෙහෙයුමකින් පසුව එම වන අලියා ගොඩ ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකියාව ලැබී තිබුණා.

වන අලියාට ගොඩ ඒමට සැලැස්සූ වනජීවි නිලධාරීන් පසුව එම සත්වයා යළි ආරක්ෂිතව කලාවැව ජාතික උද්‍යානයට පලවා හැරීමට පියවර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05