පෙතියාගොඩ දී මාරාන්තික ගුටි කෙළියක් – අයෙක් ජීවිතක්ෂයට

පෑලියගොඩ, පෙතියාගොඩ ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමක දී සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ දෙපිරිස අතර ඊයේ (07) රාත්‍රියේ මෙම ගැටුම හටගෙන ඇති බවයි.

ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් පස්දෙනෙකු කොළඹ ජාතික රෝහලට සහ රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ත්වලකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පෙතියාගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42ක් වන පුද්ගලයෙක්.

පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ දෙපිරිස තියුණු ආයුධ වලින් පහරදීගෙන ඇති බවයි.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මේ වනවිට තැන්පත්කර තිබෙනවා.

ආරවුලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14