spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙතියාගොඩ දී මාරාන්තික ගුටි කෙළියක් – අයෙක් ජීවිතක්ෂයට

පෑලියගොඩ, පෙතියාගොඩ ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමක දී සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ දෙපිරිස අතර ඊයේ (07) රාත්‍රියේ මෙම ගැටුම හටගෙන ඇති බවයි.

ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් පස්දෙනෙකු කොළඹ ජාතික රෝහලට සහ රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ත්වලකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පෙතියාගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42ක් වන පුද්ගලයෙක්.

පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ දෙපිරිස තියුණු ආයුධ වලින් පහරදීගෙන ඇති බවයි.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මේ වනවිට තැන්පත්කර තිබෙනවා.

ආරවුලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?