පෙට්‍රල් පෝලිම බිලිගත් දින දෙකක් වයසැති බිළිඳිය….

ඉන්ධන නොමැති වීම නිසා නියමිත මොහොතේ රෝහලට ගෙනයාමට නොහැකිව අකාලයේ ජීවිතයෙන් සමුගත් දින දෙක වයසැති පුංචි බිළිඳියක් ගැන අපට පුවතක් වාර්තා වනවා.ඒ දියතලාව හල්දුම්මුල්ල ප්‍රදේශයෙන්.මේ පිලිබද තොරතුරු මුහුනුපොතට එක් කර තිබුනේ මරණ පරීක්ෂක ශානක් රොශාන් පතිරණ මහතා විසිනි.

ඒ මහතා මුහුනුපොතර එක් කළ සම්පූර්ණ විස්තර පහතින් ,

“දියතලාව රෝහලේ මාගේ 86 වෙනි මරණ පරීක්ෂනය සහ වේදනාත්මකම මරණය.
දින දෙකක් වයසැති මේ පොඩි දුව මව්කිරි බීම අඩුවී කහවීම හේතුවෙන් ලේ වල සිනි අඩුවීම නිසා ගෙදරදී ගැහෙන්න අරගෙන,
හල්දුම්මුල්ල රෝහලට ගේන්න තාත්තට ත්‍රී විල් එකට පැට්‍රොල් හොයන්න පැයක් විතර ගිහින්,හල්දුම්මුල්ල රෝහලට එනකොට ලේවල සීනි 22mg/dl .
දියතලාව රෝහලට ගේද්දී දරුවා හුස්ම අදිනවා.දියතලාව රෝහලේ ETU එකේ දරුවා නැති උනා

අර පැය පරක්කු උනේ නැත්නම් බේරගන්න තිබ්බා .
දෙයක් තමන්ටම වෙන්න ඕනේ ඒකේ දුක තේරෙන්න.
මස 9ක් බඩේ තියාගෙන දවස් 2ක් තුරුලේ තියාගෙන පැට්‍රොල් ලීටරයක් නැතුව දරුවෙක් නැති උනා කියන දුක ජිවිත කාලෙටම වද දේවී.
මිනිය කපන්නත් දුකයි,සියලු අවයව හොදට හැදුනු දරුවෙක්.
හෙන ගහනවා මේ කාලකන්නි දේශපාලුවන්ට.
පස්සේ හිතුනා මේ කාලකන්නි රටේ ජිවත් වෙන්නේ නැතුව ඒ ළමයා ගිය එක හොදයි කියලා”

image 53
image 54

දසත ලංකා නිව්ස් අපි ඒ බිළිඳියට අජරාමර නිවන් සුවය ප්‍රාර්තනා කරනවා.යලි උපනූපන් කිසිඳු අතභවයක ඇයට මෙවන් අකල් මරණයක් නොවේවා යන්න අප කණ්ඩායමේ එක පැතුමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56