spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙට්‍රල්වලින් තවමත් පාඩුයි

ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු කළ ද තවමත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියලක පාඩුවක් ඛනිජ තෙල් සංස්ථාවට විඳීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (24) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එසේම ඔටෝ ඩීසල් ලීටරයකින් ශත 60ක පාඩුවක් ද සිදුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අද (24) අලුයම සිට ඉන්ධන මිල වැඩි කිරීමට රජය තීරණය කළ අතර ඒ අනුව මේ වනවිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 420ක්.

මිල සංශෝධනයත් සමඟ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 400ක් ලෙස දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?