පූජිත් – හේමසිරි ට එරෙහි නඩුවල නියෝග අද

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොණු කර ඇති නඩුවල නියෝග අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි එම තීන්දු ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ.

නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩු ගොනුකර තිබෙනවා.

පසුගිය මස 19 වනදා සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් පසු එම චෝදනාවලින් හිටපු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා නිදහස් කරන්නේද? විත්ති වාචකය කැඳවන්නේ ද? යන නියෝගය අද මෙලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.