spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“පුළුවන් නම් ඔප්පු කරන්න” – චන්දිමාල්ගේ උපන්දින පාටිය ගැන පුෂ්පිකා කතා කරයි

කොළඹ තරු 05 හෝටලයක පසුගිය මැයි මස 30 වැනිදා පැවැත්වූ උපන්දින සාදයක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

මෙම උපන්දින සාදය සම්බන්ධව එය සංවිධානය කළ ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක වන පියුමි හංසමාලි යන අයව ඊයේ (31) දිනයේ දී නිරෝධායන නීතිය යටතේ අත්අඩංගුවට ගත් අතර ඔවුන්ව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරුණි.

මෙම උපන්දින සාදයට සම්බන්ධ තවත් 25 දෙනෙකුව සිසිටීවී දර්ශන හරහා හඳුනා ගැනීමට පරික්ෂණ පවත්වන කොටුව පොලීසිය කටයුතු කරමින් සිටින අතර ඉන් 12 දෙනෙකු මේ වන විටත් හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස සහභාගී වූ පිරිස අතර පසුගිය කාලයේ දැඩි ආන්දෝලනාත්මක සිදුවීමකට සම්බන්ධ වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා සිටින බවටද පිරිසක් විසින් චෝදනා කරමින් සිටියි. ඒ ඇය විසින් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබූ ඡායාරූපයක් ද පෙන්වමිනි.

එමෙන්ම ඇයත් සමඟ මෙම සාදයට කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මියද සහභාගි වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මෙම සියලු චෝදනා පිරිසක් විසින් මඩ ගැසීමේ අරමුණ ඇතිව කරන ප්‍රකාශයන් බවට පෙන්වා දෙන පුෂ්පිකා ද සිල්වා මහත්මිය පවසා සිටියේ තමන් එම උපන්දින සාදයට සහභාගී වු බවට එම මඩ ගැසීමේ ක්‍රියාවලියට සම්බන්ධ අයට හැකි නම් ඔප්පු කරන ලෙසයි.

ඇය මේ බව පවසා තිබුණේ ෆේස්බුක් සටහනක් තබමිනි. එම ෆේස්බුක් සටහන පහතින්,

ආයුබෝවන්!!!….🙏

අද අලුත් මාසයේ පළවෙනිදා. ඉතින් මේ අලුත් මාසයේ අපේ රටත් ලෝකයක් කොරෝනා වසංගතයෙන් මිදිලා, නිදුක් නිරෝගී ආරක්ෂිත සුවපත් භාවයට පත් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම ඔබ මේ වෙනකොට දන්නවා ඊයෙ දවසෙ මං ගැන ආයෙත් කතාවට ලක් වුණා, ඊයේ නිරෝධායන නීති රීති වලට අනුකූල නොවන ලෙස කොළඹ සුපිරි හෝටලයක පවත්වන්නට යෙදුණු මා හිතවත් චන්දිමාල් ජයසිංහගෙ උපන් දින උත්සවයට මමත් සහභාගි වුණු බව.නමුත් මම ඔබට වගකීමෙන් කියන්න කැමතියි මම ඒ උත්සවයට සහභාගි වුණේ නැහැ. ඒක අමූලික බොරුවක්. මේ සිද්ධියට මමත් කොළඹ පුරපතිනිය ඇතුළු පිරිසක් සහභාගී වූ බව මම දැක්කා ෆේස්බුක් පේජ්වලින් මඩ ප්‍රහාර එල්ල කරල තිබුණා. මගේ නම භාවිතා කරමින් ඉතාම අපහාසාත්මක ලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් එවැනි ප්‍රචාරයන් සිදුකළ ෆේස්බුක් පේජ් සහ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මම ඉදිරියේ දී කටයුතු කරනවා. මොකද මේ වගේ චෝදනා කරද්දි මම දිගින් දිගටම නිශ්ශබ්දව හිටියොත් ඔවුන් වගේම ඔබත් හිතනවා මම ඇත්තටම වැරදිකාරයෙක් කියලා. ඒ සම්බන්ධයෙන් කතා කරන්න මම live එකක් ආවෙත් ඒකයි.මම දැක්කා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මැතිතුමා ප්‍රකාශ කලා ඒ සිද්ධියට සම්බන්ධව සීසී ටිවි දර්ශන ඇසුරින් පරීක්ෂණ පවත්වන බව. මම මට අසත්‍ය චෝදනා එල්ල කරන පුද්ගලයන්ට අභියෝග කරනවා, හැකිනම් මම ඒ අවස්ථාවට සහභාගි වූ බව ඔප්පු කරල පෙන්වන්න කියලා.මේ ගැන ගොඩක් දෙනෙක් කතාකලේ මම වාහනයක් පදවන විට ඉදිරිපස පාර දැක්වෙන instergram story එකක් upload කිරීම ගැන. ඇත්තටම eeka පරණ එකක්.. මම මගේ instagram වල එදිනෙදා සිදුවීම් වගේම පරණ සිදුවීමුත් upload කරනවා. ඒක මම වගේම අනික් හැමදෙනාමත් කරන දෙයක් නෙ. ඇත්තටම ඇයි මේ වගේ මට මඩ ප්‍රහාර එල්ල කරන්නෙ.? මේ වගේ දේවල් කරන්නේ කවුද කියන එකත් මම දන්නවා. ඒ අයට බොහොම ස්තූතියි. මොකද පුෂ්පිකා කියන නම මේ රටේ මිනිසුන්ට ටික ටික අමතක වෙන කොට මොකක් හරි කාරණයක් ඇදලා අරගෙන ඔවුන් නැවතත් නොමිලයේම මාව ප්‍රචාරණය කරල මිනිස්සුන්ට මතක් කරලා දෙනවා. ඒ වගේම මොන මඩ ප්‍රහාර එල්ල කරත් මේ රටේ මාව විශ්වාස කරන බුද්ධිමත් ජනතාව ඒ ප්‍රචාරයන් පිළිගන්නේ නැහැ කියන එක මම හොඳාකාරවම දන්නවා. ඇත්තටම අපේ රට ව්‍යසනයට ලක් වෙලා ඉන්න මේ වෙලාවේ, කාගෙවත් දේවල් අල්ලගෙන මෙහෙම මඩ ප්‍රහාර එල්ල කරනවට වඩා, ෆේස්බුක් එකෙන් උනත් කරන්න හොඳ දේවල් යහපත් දේවල් මොනතරම් තියෙනවද? අද රටේ ගොඩක් ජනතාව දුක් විඳිනවා. ආර්ථික ප්‍රශ්න නිසා කන්න බොන්න නැති ජනතාව ඉන්නවා. ඉතින් කාගෙවත් පෞද්ගලික දේවල් හොයන එකටත්, අසත්‍ය ප්‍රචාර නිකුත් කරන එකටත් වැය කරන ඩේටා, කාලය, මුදල්, මොළය, ඒ වෙනුවට අසරණ වෙච්ච දුක් විඳින එකම එක මනුස්සයෙකුට හරි යහපතක් කරන්න යොදවනවා නම් අපේ රට කොච්චර වෙනස් වෙයි ද?මේ වෙලාවේ අපි අපේ ආරක්ෂාව සහ පරිස්සම සලසගන්න, තව එක මනුස්සයෙක්ගේ හරි බඩගින්න නිවන්න, තව එක මනුස්සයෙක් වෙනුවෙන් හරි අපි අදහන ආගමට අනුව සෙත් පතන්න යාඥා කරන්නනෙ යොමුවෙන්න ඕන. මිනිස්සුන්ගෙ හිත්වල තියෙන විස පිරුණු කුහකකම් නිසා තමයි සොබාදහම විසින් මේ වගේ ව්‍යසනයන් කාලයෙන් කාලයට නිර්මාණය කරන්නේ. ඒකට හේතුව තමයි මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මේ සොබාදහමට දරාගන්න බැරි තරම් වෛරයෙන් පලි ගැනීමෙන් කුහකකමින් ඉරිසියාවෙන් පිරිලා.මීට වැඩිය අපි කතා කරන්න ඕන දේවල් මේ රටේ තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. අනුන්ගේ දේවල් හොයන එකෙන් ඔබටවත් ඔබටවත් ඒ හොයන අයටවත් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. තරහින් ඉරිසියාවෙන් වෛරයෙන් කුහක කමින් පලි ගැනීමෙන් සිද්ධවෙන්නේ එහෙම කරන අයගේ මානසික සතුට නැතිවෙන එක විතරයි.මෙවැනි සිදුවීම්වලින් මම කොහොමටත් පහළට ඇද වැටෙන්නේ නැහැ. ඇත්තටම පුෂ්පිකා ද සිල්වා ඉන්නෙ ලෝකයේ යෝජනා චෝදනා වලින් වෙනස් කළ හැකි තැනක නෙමෙයි. මට මේක තව එක සිදුවීමක් විතරයි. මම මොහොතේත් කල්පනා කරමින් ඉන්නෙ, කොහොමද මම මේ කොරෝනා ප්‍රශ්නෙදි තව එක්කෙනෙකුට හරි උදව් කරන්නේ කියන එක ගැන. එපමණයි.🙏

– පුෂ්පිකා ද සිල්වා

image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?