පුහුණුව ලැබූ පෑස්සුම් ශිල්පීන්ට සහතික පත් ප්‍රදානයක් – මන්ත්‍රී දුමින්දගේ නිරීක්ෂණයටත් ලක්වෙයි

දෙස්- විදෙස් රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් පෑස්සුම් ශිල්පී රැකියා වෘත්තීය පුහුණුව ලබාගත් සිසුන් පිරිසක් වෙත සහතික පත් ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සහතික පත්‍ර ප්‍රදානෝත්සවය අනුරාධපුර – මිහින්තලය, රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිට පිහිටි, එම්.ඩබ්ලිව්.එස් ටෙක්නිකල් ඉංජිනියරින්ස් ආයතනයේ දී සිදු කෙරුණු බවයි.

එහිදී වෙල්ඩින් පුහුණුව ලැබූ 15 දෙනෙකු වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදු කෙරුණා.

මෙම ආයතනයේ දී පෑස්සුම් ශිල්පීන් සඳහා නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් වෘත්තීය පුහුණුව ලබා දී ඔවුන් දෙස් විදෙස් රැකියා සඳහා යොමු කිරීම සිදු කරනු ලබනවා.

පෑස්සුම් ශිල්පය පිළිබඳ මූලික දැනුම ඇති හෝ ආධුනික පිරිස් සඳහා පෑස්සුම් ශිල්පි පාඨමාලා මගින් ප්‍රායෝගික ව හා න්‍යායාත්මක ව දැනුම ලබා දී දකුණු කොරියාව ඇතුළු විදෙස් රටවල හා දේශීය ව පවතින පෑස්සුම් ශිල්පි පුරප්පාඩු සඳහා යොමු කිරීම මෙම ආයතනය මගින් සිදු කෙරෙන ප්‍රධානතම සේවයයි.

මෙම පෑස්සුම් ශිල්පීන් පුහුණුව ලබන ආකාරය ද දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56