පුෂ්පිකා කිව්වට හතර කියලා ඔය වගේ තරග වල එහෙම ප්ලේස් නැහැ

පුශ්පිකා ඩි සිල්වා විසින් ලෝක විවාහක රූ රැජින තරගයෙන් හතරවන ස්ථානය දිනාගෙන ඇති බවට විවිධ් මාධ්‍යන් හී පලවෙන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකාංකීය ඡායාරූප ශිල්පියකු වන ඔස්කාර් නෝනිස් මහතා පවසනවා.

වෘතීමය ඡායාරූප ශිපියෙක් වන ඔස්කාර් නෝනිස් මේ වන විට ජීවත් වන්නේ ද ඇමරිකා එක්සත් ජනපදයේ වන අතර ඔහු විසින් මෙවැනි අන්තර්ජාතික ඉසව් බොහෝමයක් ආවරණය කර තිබෙනවා.ඒ හරහා ඔහු ලබා ගත අත්දැකීම් සමගින් ඔහු මේ විස්තරය ඉදිරිපත් කර තීබෙනවා.

ඔහු මේ බව සඳහන් කරමින් මුහුණුපොතේ සවිස්තරාත්මක ලිපියක් පල කර තිබූ අතර අප මේ ලිපියෙන් එම සටහන උපුටා දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව ලෝක විවාහක රූ රැජිණ තරඟයේ හතරවන ස්ථානය ජයග්‍රහණය කළාද ?


ලෝක විවාහක රූප රාජිණි තරඟයේද වෙනත් රූප රාජිණි තරඟයන්මෙන්ම එහි ජයග්‍රාහකයෙකු නැත්නම් කිරුළ හිමිකරන්නෙකු ඇත. මේවා ප්‍රථම ස්ථානය, දෙවන ස්ථානය, තෙවන ස්ථානය, හතරවන ස්ථානය, පස්වන ස්ථානය ආදී කියා වෙන වෙනම ස්ථාන ලබාදෙන්නේ නැත.

ඊයේ ලාස් වේගස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූප රාජිණි තරඟයේ කිරුළ හිමිකරගත්තේ ඇමරිකාව නියෝජනය කළ කාන්තාවයි. මෙහිදී අවසන් තිදෙනා අතරට පැමිණි ජෝර්දානයේ කාන්තාව 1st Runner Up ලෙසත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තාව 2nd Runner Up ලෙසත් නම් කෙරුනා.

1st Runner Up යනු දෙවන ස්ථානය නොවේ, 2nd Runner Up යනු තෙවන ස්ථානයද නොවේ. Runner Up යනුවෙන් හඳුන්වන්නේ යම් තරඟයක් ජයග්‍රහණය කළ කෙනෙකුට පසු ස්ථානය හිමිකරගත්, තරඟයක් ජයග්‍රහණය නොකළ කෙනෙකුටයි.

මෙහිදී ජෝර්දානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කළ කාන්තාවන් ජයග්‍රාහකයින් ලෙස සලකන්නේ නැහැ. මේ දෙදෙනා මෙම තරඟයේ කිරුළ හිමිකරගත් ඇමරිකානු කාන්තාව සමග Top 3 වටයට හිමිකම් කියනවා.

මෙහි ඇති ඊළඟ වටය වන්නේ Top 6 වටයයි. මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ පුෂ්පිකා ද සිල්වා සහ තවත් කාන්තාවන් 5 දෙනෙකු මේ වටයට ඇතුළත් වුනා. මේ වටයේ කිසිදු ජයග්‍රාහකයෙකු නැත. පුෂ්පිකාව මේ වටයෙන් ඉවත්කරන්නේ එම වටයේ අවසානයා ලෙස වුවත් එය එම තරඟයේ හතරවන ස්ථානය නොවේ.

මේ Top 6 වටයෙන් ඉවත්කළ කාන්තාවන් තිදෙනාටම ඇත්තේ මුල් 6දෙනාගේ වටයට ඇතුළත්වීමේ සුදුසුකම පමණයි. ඒ නිසා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවලින් සහ විවිධ පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර ශ්‍රී ලංකාව මෙම තරඟයේ හතරවන ස්ථානය හිමිකරගත්තා කියා බොරු / වැරදි / අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්න එපා කියා.ශ්‍රී ලංකාව නියෝජනය කළ පුෂ්පිකා ද සිල්වා මේ තරඟයේ අවසන් 6දෙනාගේ වටයට (Top 6) තේරුන බව නිවැරදිව සඳහන් කරන්න.

රූප රාජිණි තරඟ යනු 1, 2, 3, 4, 5 ලෙස තෝරන බයිසිකල් රේස් එකක් වගේ නොවේ. ඒවා ක්‍රියාත්මකවන්නේ සහ තරඟකරුවන් තෝරාගන්නේ වෙනස්ම ආකාරයකටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23