පුෂ්පිකාට චන්දිමාල් ගෙන් ටොක්කක් : රූ රැජින කිරුළට සිදුවූ දේ මෙන්න

ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ කටයුතු කර තිබෙනවා.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියාසිටියේ ලෝක විවාහක රූ රැජිණ වෙනුවෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගාවලිය පැවැත්වීමට බලය ඇති සිය සංවිධානය වෙත පැවරී ඇති නිත්‍යානුකූල බලතල අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි පුෂ්පිකා ද සිල්වා හට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ යන නාමය දේශීයව හෝ ජාත්‍යන්තරව මොනයම් ආකාරයකින් හෝ භාවිත කිරීම මේ හරහා වාරණය කරන බවයි.

පුෂ්පිකා ද සිල්වා ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙසට කිරුළු පැළඳූවේ 2021 වසරේ අප්‍රේල් මස 4 වැනි දිනයි.

එම අවස්ථාවේදීත් කිරුළ සම්බන්ධයෙන් බරපතල අර්බුදකාරී තත්වයක් ගොඩනැගුනු අතර එම අවස්ථාවේ මතු වූ ගැටළුකාරී තත්වය හේතුවෙන් පසුව 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සහ ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි හට එම කිරුළ අත්හැරීමට පවා සිදුවුණා.

ඉන් පසුව ඇමරිකාවේ කැලිෆෝනියා නුවර පැවති ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ පුෂ්පිකා ද සිල්වා එම තරගාවලියේ අවසන් තරගකාරිනියන් 6 දෙනා අතරට පැමිණෙන්නට සමත් වුණා.

එම තරගයේ ජයග්‍රහණය හිමිවූයේ ඇමරිකාව නියෝජනය කරමින් ඒ සඳහා එක් වූ ඇමරිකානු විවාහක රූ රැජිණටයි.

කෙසේවෙතත් ඉන් පසුව සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශයක් නිකුත් කළ පුෂ්පිකා ද සිල්වා තමන් එම තරගයෙන් සිව්වන ස්ථානය දිනාගත් බව සඳහන් කරමින් තවත් අර්බුදයකට මුල පිරුවා.

ඉන් පසුව දිගින් දිගටම සමාජ මාධ්‍යය සහ විවිධ මාධ්‍ය හරහා විවිධ චෝදනා ගොනු කරමින් කියාසිටියේ ඇයගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිය ඇයගේ කණ්ඩායමේ කිහිප දෙනෙකු එක්ව කුමන්ත්‍රණකාරී ලෙස වළකාලූ බවයි.

යූටියුබ් නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී පුෂ්පිකා ද සිල්වා මෙරට පළමු ලෝක විවාහක රූ රැජිණ වන රෝසි සේනානායකට චෝදනා කළ අතර පසුව රෝසි සේනානායක එම චෝදනාවන්ට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දි ඉල්ලා නඩුකරයක් ද ගොනු කළා.

දිගින් දිගටම විවිධ පාර්ශවයන්ට චෝදනා එල්ල කරමින් ඇවිලුණු මෙම අර්බුදය අවසානයේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලිය සංවිධානය කරන චන්දිමාල් ජයසිංහ ද යූටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් කියාසිටියේ තමන්ට සහ සංවිධායක මඩුල්ලට එල්ල කරන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් මිලියන 200ක අලාභයක් ඉල්ලා එන්තරවාසියක් පුෂ්පිකා ද සිල්වාට යොමු කරන බවයි.

ඒ අතරවාරයේයි අද දින නිවේදනයක් නිකුත් කරමින් ඇයගේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ නිල වශයෙන් ඉවත් කිරීමට කටයුතු කළේ.

chandimal


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14