spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුරුද්දට කිරිපිටි සොරකමේ ගිය කතක් මාට්ටු (වීඩියෝ)

වෙළඳසැලකට ඇතුළුවී කිරිපිටි ඇතුළු භාණ්ඩ සොරා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසනවා.

මෙසේ හොරණ, පොකුණුවිට ප්‍රදේශයේ වෙළඳසැලකට භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඇතුළුවු කාන්තාවක් භාණ්ඩ සොරාගන්නා ආකාරය සි.සි.ටි.වි කැමරාවක සටහන්ව තිබු අතර කාන්තාව කිරිපිටි ඇතුළු ද්‍රව්‍ය යටඇඳුමේ සඟවා ගන්නා ආකාරය එහි සටහන්ව වී තිබුණා.

සොරකම සම්බධයෙන් වෙළඳසැලේ හිමිකරුවන් පොලිසිය කරන ලද පැමිණිල්ලකට අනුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාව පුරුද්දක් ලෙස දීර්ඝ කාලයක් මෙසේ සොරකම් සිදු කරගෙන ගොස් ඇති බවට පොලිසියට අනාවරණය වී තිබෙනවා.

සැකකාර කාන්තාව අද (06) දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?