පුරාවිද්‍යා උරුමය රැකීමට නව පනතක් ගෙන එනවා – විදුර වික්‍රමනායක

මෙරට පුරාවස්තු හා පුරාවිද්‍යා උරුමය, සොයා ගැනීම මෙන්ම ඒවා සංරක්ෂණය කර මතු පරපුරට දායාද කිරීම විධිමත්ව සිදු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව නව පනතක් කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

එමෙන්ම “භික්ෂූ කතිකාවත් පනත” සකස් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මේ බව සඳහන් කර සිටියේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

දුෂ්කර තත්ත්වයන් යටතේ පවත්වාගෙන යන පූජනීය ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අප අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙනවා. ඊට අදාල ලේඛන මේ දිනවල පරීක්ෂා කරමින් සිටිනවා. අමාත්‍යාංශයේ අපේක්ෂාව වී තිබෙන්නේ එම මූල්‍ය ප්‍රතිපාදන 2024 මාර්තු මස 15 වනදාට පෙර අදාල පූජනීය ස්ථාන වෙත ලබාදීමටයි.

මෙරට පුරාවස්තු, පුරාවිද්‍යා උරුමය, සොයා ගැනීම මෙන්ම ඒවා සංරක්ෂණය කර මතු පරපුරට දායාද කිරීම විධිමත්ව සිදු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව නව පනතක් කෙටුම්පත් කිරීමට කටයුතු සිටිනවා. එහි අන්තර්ගත ඇතැම් විෂයන් පිළිබඳව මූලික නීති සකස් කිරීමට ද අප කටයුතු කරන බව පැවසිය යුතුයි.

ඒ සඳහා විවිධ පාර්ශ්වයන් වෙතින් අදහස් හා යෝජනා ලබා ගනිමින් සිටින බව ද සඳහන් කළ යුතුයි.

එමෙන්ම භික්ෂූ කතිකාවත් පනත සකස් කිරීමට ද අප බලාපොරොත්තු වනවා. ඒ වෙනුවෙන් වන යෝජනා මහා නායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභා මඟින් ලබා දෙන ලෙස අප දන්වා තිබෙනවා. මෙය පහසු කටයුත්තක් නොවෙයි. නමුත් බහුතර විශ්වාසය වී තිබෙන්නේ එමඟින් භික්ෂු විනය ඇතුළු බොහෝ ගැටලු විසඳා ගැනීමට හැකිවනු ඇති බවයි.

ඒ වගේම ශ්‍රී ලංකාව ථේරවාදී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය බවට පත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පය ක්‍රියාවට නැඟීම වෙනුවෙන් අප අමාත්‍යාංශයක් ලෙස සැදී පැහැදී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04