පුපුරන ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ කොටවෙහෙර පොලිසිය බස් රථයක සිදු කළ පරීක්ෂා කිරීමකදී පුපුරන ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාර්ග බාධකයක රාජකාරියේ යෙදී සිටි නිලධාරින් විසින් අද (19) පෙරවරු 11.45 ට පමණ මගී ප්‍රවාහන බස් රථයක් පරික්ෂාවේදීයි එහි ගමන් ගත් කාන්තාවක් සන්තකයේ තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.

පලුගස් හංදිය පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කණ්ඩායමට සැකකාර කාන්තාව සතුව තිබී ඇමෝනියම් ග්‍රෑම් 605ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 165ක්, විදුලි ඩෙටනේටර් දෙකක්, රතු පැහැති සේවා නූල් අඩි දහයක ප්‍රමාණයක්වි සහ විදෙස් රටක නිෂ්පාදිත දුමවැටි පැකට්ටුවක් හමුවී තිබෙනවා.

මෙම කාන්තාව ඒවා රැගෙන යන්නේ කුමන කරුණක් සඳහා ද යන්න නිසි ලෙස පැවසීමට අපොහොසත් වීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

පුපුරණ ද්‍රව්‍ය තොගය සමග සැකකාරිය නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51