spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුපුරන ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ කොටවෙහෙර පොලිසිය බස් රථයක සිදු කළ පරීක්ෂා කිරීමකදී පුපුරන ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාර්ග බාධකයක රාජකාරියේ යෙදී සිටි නිලධාරින් විසින් අද (19) පෙරවරු 11.45 ට පමණ මගී ප්‍රවාහන බස් රථයක් පරික්ෂාවේදීයි එහි ගමන් ගත් කාන්තාවක් සන්තකයේ තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.

පලුගස් හංදිය පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කණ්ඩායමට සැකකාර කාන්තාව සතුව තිබී ඇමෝනියම් ග්‍රෑම් 605ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 165ක්, විදුලි ඩෙටනේටර් දෙකක්, රතු පැහැති සේවා නූල් අඩි දහයක ප්‍රමාණයක්වි සහ විදෙස් රටක නිෂ්පාදිත දුමවැටි පැකට්ටුවක් හමුවී තිබෙනවා.

මෙම කාන්තාව ඒවා රැගෙන යන්නේ කුමන කරුණක් සඳහා ද යන්න නිසි ලෙස පැවසීමට අපොහොසත් වීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

පුපුරණ ද්‍රව්‍ය තොගය සමග සැකකාරිය නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?