පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි විශේෂ අවධානයක් දෙන්න – ජනපති

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි විශේෂ අවධානයක් ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ; ඊට අදාළ ගිවිසුම්ගත ව්‍යාපෘති නැවත සමාලෝචනය කර ඵලදායී ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන ලෙසටයි.

ජනාධිපතිවරයා හා බලශක්ති අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධිත ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි පැවැත්වුණු අවස්ථාවේ දී මෙම උපදෙස් ලබා දුන්නා.

මෙම සාකච්ඡාවේ දී සූර්ය පැනල ව්‍යාපෘති පිළිබඳ ව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා.

මේ වන විට ගිවිසුම්ගත ව්‍යාපෘති සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කරන ලෙසත් ඒ අනුව ඵලදායී ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන ලෙසත් ජනාධිපති උපදෙස් හිමිව තිබෙනවා.

ගිවිසුම්ගත වුව ද අකාර්යක්ෂම ව්‍යාපෘති ඇත්නම් ඊට අදාළ නිසි පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා දැඩි ලෙස අවධාරණය කර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

බලශක්ති අමාත්‍ය විදුලි ඉංජිනේරු කුමාර ජයකොඩි, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය ටි. එම්.ඩබ්ලිව්. ජේ. බණ්ඩාර, ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සභාපති ඉංජිනේරු ජනක අලුත්ගේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16