පුද්ගලික ආරවුලක් නිසා පියා මරු තුරුළට

පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගල්කිරියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (28) සවස ගල්කිරියාගම, බණ්ඩාරපොතාන ප්‍රදේශයේදී ඇතිවූ ගැටුමකදී පිය පුතු දෙපළකට පහරදීමක් සිදුකර ඇති අතර ඉන් පියා මිය ගොස් පුත්‍රයා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ දෙපිරිසක් අතර ඇතිව තිබූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් එම දෙපිරිස අතර මෙම ගැටුම හට ගෙන ඇති බවයි.

දෙපිරිස අතර ඇතිවූ එම ගැටුම දුර දිග යාමෙන් එක් පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දීමක් සිදුකර ඇති අතර ඉන් එම පුද්ගලයා මිය ගොස් තිබෙනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ පිය පුතු දෙපළක් වන අතර
ඉන් බරපතල තුවාල ලැබූ පියා ගල්කිරියාගම රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිරියාගම, පුබ්බෝගම, බණ්ඩාරපොතාන ප්‍රදේශයේ පදිංචි නාවුරු අබ්දුල් හකීම් නමැති 68 හැවිරිදි පුද්ගලයෙකි.

37 හැවිරිදි අබ්දුල් හකීම් මොහොමඩ් අස්මල් නැමැති ඔහුගේ පුත්‍රයාගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිශුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03