පුද්ගලික අංශයේ සේවක වේතනය ගැන කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්

2025 අයවැය යෝජනාවක් අනුව, රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද ජාතික අවම වේතනය ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම චේතනය (සංශෝධන) පනත, 2025 අංක 09 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත සහ 2025 අංක 10 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත මෙම වසරේ අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජූලි මස 22 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබුණා.

එකී විධිවිධාන අනුව පසුගිය අප්‍රේල් 01 වන දින සිට මාසික අවම වේතනය රුපියල් 17,500/- සිට රුපියල් 27,000/- දක්වා වැඩි වන අතර, 2026-01-01 දින සිට මාසික අවම චේතනය රුපියල් 30,000/- දක්වා වැඩි වනවා.

එලෙස මාසික අවම චේතනය වැඩි කිරීම සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදී සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාළ කර ගත යුතුව තිබෙනවා.

එමෙන්ම, අතරමැදියෙක් හෝ කොන්ත්‍රාත්කරුවෙක් හරහා යම් කර්මාන්තයක හෝ සේවාවක සේවයේ නිරතකරනු ලබන සේවකයන් සම්බන්ධයෙන් ආසන්නතම සේවා යෝජකයා මෙන්ම අවසාන සේවායෝජකයා ද ඇතුළුව සෑම සේවායෝජකයෙක්ම එකී නියමයන්ට යටත්ව පියවර ගැනීම සඳහා නීතියෙන් බැඳී සිටිනවා.

එම විධිවිධාන ක්‍රියාත්මක කිරීම පිණිස කම්කරු කොමසාරිස් ජනරාල් වෙත බලය පැවරී ඇති අතර, ඒ අනුව එම විධිවිධාන පිළිබඳව පුවත්පත් දැන්වීම් මඟින් අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කිරීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා.

මෙම තොරතුරු කම්කරු ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ඉදිරිපත් කිරීමෙන් පසුව, එම විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර ඇති බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16