පුද්ගලික අංශයේ සේවකයන්ටත් රජයේ සේවකයන්ට ලැබෙන වරප්‍රසාදයක්

රජයේ සේවකයින්ට ලැබෙන ප්‍රතිලාභ පෞද්ගලික අංශයේ සේවකයන්ටත් ලැබෙන පරිදි කම්කරු වන්දි ආඥා පනත සංශෝධනය කර තිබේ.

ඒ අනුව රජයේ සේවකයෙකු සේවයට පැමිණෙන අවස්ථාවේ දී අනතුරට ලක්වුවහොත්, සේවය අවසන් කර නිවසට යන අවස්ථාවේ දී සිදුවන අනතුරු සම්බන්ධයෙන් ගෙවනු ලබන වන්දිය පෞද්ගලික සේවකයින්ට ද ලැබෙන ලෙස සේවක ආඥා පනතේ වගන්තියක් සංශෝධනය කළ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“අපි රජයේ සේවකයෙකු ගත්තොත් ගෙදර ඉඳන් සේවයට එනකොට අනතුරට ලක්වුණොත් සේවය අවසන් කර නිවසට යනකොට අනතුරකට ලක්වුණොත් රජයේ සේවකයාට වන්දි ගෙවනවා. නමුත් පෞද්ගලික අංශයේ සේවකයින්ට එවැනි වන්දි ගෙවීමක් නෑ. ඒ නිසා මම විශේෂ වගන්තියක් සංශෝධනය කළා. සේවයේ යෙදී සිටිය දී තුවාල ලැබු යන වචන වෙනුවට සේවයේ යෙදී සිටිය දී හෝ නේවාසික ස්ථානයේ සිට සේවා ස්ථානයට පැමිණෙන අතරතුර හෝ සේවා ස්ථානයේ සිට නේවාසික ස්ථානයට පැමිණෙන අතරතුර තුවාල ලැබු යන වචනය ආදේශ කර තිබේ. ඒ අනුව මේ සංශෝධනය අනුව යම් කෙනෙක් ගෙදර ඉඳන් සේවයට එනකොට අනතුරක් වුණොත් සේවය අවසන් වෙලා ගෙදර යනකොට අනතුර වුණත් එවිට සේවා යෝජකයා ඒ වන්දි මුදල ගෙවිය යුතුයි. වන්දි ගෙවීමේ පරාසය අපි පුළුල් කරලා තියෙනවා.”

එමෙන්ම සේවයේ යෙදී සිටිය දී සිදුවන අනතුරු සම්බන්ධයෙන් ගෙවන ලබන වන්දිය රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 20 දක්වා වැඩිකර ඇතැයි ද කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

1934 අංක 19 දරණ සේවක ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16