spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුද්ගලික අංශයේ සේවකයන්ටත් රජයේ සේවකයන්ට ලැබෙන වරප්‍රසාදයක්

රජයේ සේවකයින්ට ලැබෙන ප්‍රතිලාභ පෞද්ගලික අංශයේ සේවකයන්ටත් ලැබෙන පරිදි කම්කරු වන්දි ආඥා පනත සංශෝධනය කර තිබේ.

ඒ අනුව රජයේ සේවකයෙකු සේවයට පැමිණෙන අවස්ථාවේ දී අනතුරට ලක්වුවහොත්, සේවය අවසන් කර නිවසට යන අවස්ථාවේ දී සිදුවන අනතුරු සම්බන්ධයෙන් ගෙවනු ලබන වන්දිය පෞද්ගලික සේවකයින්ට ද ලැබෙන ලෙස සේවක ආඥා පනතේ වගන්තියක් සංශෝධනය කළ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“අපි රජයේ සේවකයෙකු ගත්තොත් ගෙදර ඉඳන් සේවයට එනකොට අනතුරට ලක්වුණොත් සේවය අවසන් කර නිවසට යනකොට අනතුරකට ලක්වුණොත් රජයේ සේවකයාට වන්දි ගෙවනවා. නමුත් පෞද්ගලික අංශයේ සේවකයින්ට එවැනි වන්දි ගෙවීමක් නෑ. ඒ නිසා මම විශේෂ වගන්තියක් සංශෝධනය කළා. සේවයේ යෙදී සිටිය දී තුවාල ලැබු යන වචන වෙනුවට සේවයේ යෙදී සිටිය දී හෝ නේවාසික ස්ථානයේ සිට සේවා ස්ථානයට පැමිණෙන අතරතුර හෝ සේවා ස්ථානයේ සිට නේවාසික ස්ථානයට පැමිණෙන අතරතුර තුවාල ලැබු යන වචනය ආදේශ කර තිබේ. ඒ අනුව මේ සංශෝධනය අනුව යම් කෙනෙක් ගෙදර ඉඳන් සේවයට එනකොට අනතුරක් වුණොත් සේවය අවසන් වෙලා ගෙදර යනකොට අනතුර වුණත් එවිට සේවා යෝජකයා ඒ වන්දි මුදල ගෙවිය යුතුයි. වන්දි ගෙවීමේ පරාසය අපි පුළුල් කරලා තියෙනවා.”

එමෙන්ම සේවයේ යෙදී සිටිය දී සිදුවන අනතුරු සම්බන්ධයෙන් ගෙවන ලබන වන්දිය රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 20 දක්වා වැඩිකර ඇතැයි ද කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

1934 අංක 19 දරණ සේවක ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?