spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුද්ගලයෙකුට වෙඩි තබා මහ මඟ දමා ගිහින් (වීඩියෝ)

හබරාදුව, තල්පේ උතුර ප්‍රදේශයේ ඊයේ (08) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් පොලිස් නිලධාරීන් බව පවසමින් නිවසක සිටි පුද්ගලයෙක්ව මෝටර් රථයේ නංවාගෙන රැගෙන ගොස් වෙඩි තබා මාර්ගයේ අත්හැර දමාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි තැබීමේ දී අදාළ පුද්ගලයාගේ කලවා ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා වයස අවුරුදු 30ක මාතර, නාවිමන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?