පුද්ගලයෙකුගේ සහ සුනඛයෙකුගේ මළ සිරුරු ඇත්ගල්ල කැලෑබද ප්‍රදේශයක

ගම්පොළ, ඇත්ගල්ල කැලෑබද ප්‍රදේශයක තිබී පුද්ගල මළ සිරුරක් අද (26) දහවල් සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගල මළ සිරුර අසළ තිබී සුනඛයෙකුගේ මළ සිරුරක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් සිටියේ දී සොයාගත් පුද්ගලයා ඇත්ගල්ල ප්‍රදේශයේ කුකුල් මස් නිෂ්පාදන ආයතනයක සේවය කරමින් සිටි 46 හැවිරිදි අයෙකුගේ බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ පුද්ගලයා මෙලෙස කැලෑබද ප්‍රදේශයට ගිය හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කැලෑබද ප්‍රදේශයට ඇද තිබූ විදුලි රැහැනක ගැටී මෙම මරණය සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

පුද්ගල මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මේ වනවිට ගම්පොළ මූලික රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ඇත්ගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14