spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුද්ගලයෙකුගේ සහ සුනඛයෙකුගේ මළ සිරුරු ඇත්ගල්ල කැලෑබද ප්‍රදේශයක

ගම්පොළ, ඇත්ගල්ල කැලෑබද ප්‍රදේශයක තිබී පුද්ගල මළ සිරුරක් අද (26) දහවල් සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගල මළ සිරුර අසළ තිබී සුනඛයෙකුගේ මළ සිරුරක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් සිටියේ දී සොයාගත් පුද්ගලයා ඇත්ගල්ල ප්‍රදේශයේ කුකුල් මස් නිෂ්පාදන ආයතනයක සේවය කරමින් සිටි 46 හැවිරිදි අයෙකුගේ බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ පුද්ගලයා මෙලෙස කැලෑබද ප්‍රදේශයට ගිය හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කැලෑබද ප්‍රදේශයට ඇද තිබූ විදුලි රැහැනක ගැටී මෙම මරණය සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

පුද්ගල මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මේ වනවිට ගම්පොළ මූලික රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ඇත්ගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?