spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුද්ගලයෙක් පැහැරගෙන ගිහින් පහර දී වෙඩි තියලා

බුත්තල, ඔක්කම්පිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් බව පවසමින් පුද්ගලයෙක් පැහැරගෙන ගොස් ඔහුට පහර දී වෙඩි තබා ඇති බව වාර්තා වනවා.

මෙහිදී තුවල ලැබූ පුද්ගලයා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනිඅවියක් සහ එම ගිනිඅවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ කිහිපයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරුවන් මාලිගාවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් වන අතර, ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?