පුද්ගලයකු ගසක් මත නැගී උපවාසයක

තම ඉඩම් ගැටලුවක් සඳහා බලධාරීන් නිසි විසඳුම් ලබා නොදුන් බව පවසමින් ගසක් මත නැගී පැය 24කට වැඩි කාලයක සිට උපවාසයක නිරත ව සිටින දෙදරු පියෙකු සම්බන්ධයෙන් මරදන්කඩවල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම පුද්ගලයා ඊයේ දිනයේ මෙලෙස ගසට නැගී උපවාසය ආරම්භ කර ඇති අතර ඊයේ (06) රාත්‍රියේ ද වැසි මැද එම පුද්ගලයා ගස මත රැඳී සිට ඇති බවයි.

මේ වනවිටත් ඔහු තවදුරටත් ගස මත සිටිමින් ගෙලෙහි තොණ්ඩුවක් ද දමා ගෙන තවදුරටත් උපවාසයේ නිරත ව සිටින බව ද වාර්තා වනවා.

මේ වනවිට පැය 24කට වැඩි කාලයක් ගස මත නැගී අඛණ්ඩ උපවාසයේ නිරත ව සිටින ඔහු මෙලෙස උපවාසයේ නිරත වනුයේ සිය දෙමව්පියන් හා තමන් භුක්ති විඳි ඉඩමක් සම්බන්ධයෙන් තවත් පාර්ශ්වයක් සමග ඇති වී තිබෙන ආරවුලක් විසඳීමට බලධාරීන් කටයුතු නොකරන බව පවසමින්.

ඔහු පවසන ආරවුල සහිත ඉඩම කැකිරාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයටත් මරදන්කඩවල පොලිස් බල ප්‍රදේශයටත් අයත් එකක් බවට ද තොරතුරු වාර්තා වනවා.

උපවාසකරු පවසා සිටින්නේ බලධාරීන් පැමිණ තම ගැටලුවට නිසි විසඳුම් ලබා දෙන තෙක් තමන් ගසෙන් බිමට නොබසින බවයි.

උපවාසකරු ගස මත නැගී සිටින්නේ ගෙලට තොණ්ඩුවක් ද දමාගෙන ය.

මෙලෙස උපවාසයේ නිරත වනුයේ මරදන්කඩවල සෙට්ටිකුළම වෙසෙන 30 හැවිරිදි දෙදරු පියෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ මරදන්කඩවල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38