spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුද්ගලයකු ගසක් මත නැගී උපවාසයක

තම ඉඩම් ගැටලුවක් සඳහා බලධාරීන් නිසි විසඳුම් ලබා නොදුන් බව පවසමින් ගසක් මත නැගී පැය 24කට වැඩි කාලයක සිට උපවාසයක නිරත ව සිටින දෙදරු පියෙකු සම්බන්ධයෙන් මරදන්කඩවල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම පුද්ගලයා ඊයේ දිනයේ මෙලෙස ගසට නැගී උපවාසය ආරම්භ කර ඇති අතර ඊයේ (06) රාත්‍රියේ ද වැසි මැද එම පුද්ගලයා ගස මත රැඳී සිට ඇති බවයි.

මේ වනවිටත් ඔහු තවදුරටත් ගස මත සිටිමින් ගෙලෙහි තොණ්ඩුවක් ද දමා ගෙන තවදුරටත් උපවාසයේ නිරත ව සිටින බව ද වාර්තා වනවා.

මේ වනවිට පැය 24කට වැඩි කාලයක් ගස මත නැගී අඛණ්ඩ උපවාසයේ නිරත ව සිටින ඔහු මෙලෙස උපවාසයේ නිරත වනුයේ සිය දෙමව්පියන් හා තමන් භුක්ති විඳි ඉඩමක් සම්බන්ධයෙන් තවත් පාර්ශ්වයක් සමග ඇති වී තිබෙන ආරවුලක් විසඳීමට බලධාරීන් කටයුතු නොකරන බව පවසමින්.

ඔහු පවසන ආරවුල සහිත ඉඩම කැකිරාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයටත් මරදන්කඩවල පොලිස් බල ප්‍රදේශයටත් අයත් එකක් බවට ද තොරතුරු වාර්තා වනවා.

උපවාසකරු පවසා සිටින්නේ බලධාරීන් පැමිණ තම ගැටලුවට නිසි විසඳුම් ලබා දෙන තෙක් තමන් ගසෙන් බිමට නොබසින බවයි.

උපවාසකරු ගස මත නැගී සිටින්නේ ගෙලට තොණ්ඩුවක් ද දමාගෙන ය.

මෙලෙස උපවාසයේ නිරත වනුයේ මරදන්කඩවල සෙට්ටිකුළම වෙසෙන 30 හැවිරිදි දෙදරු පියෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ මරදන්කඩවල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?