පුතා කැඳවාගෙන ඒමට ගිය පියා අතර මඟ දී වන අලියාට බිළි

වන අලියෙකු පහරදීමෙන් කරුවලගස්වැව ප්‍රදේශයේ පුද්ගලයෙක් ඊයේ (03) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (03) රාත්‍රියේ  කරුවලගස්වැව – රජවිගම ප්‍රදේශයේ දී මෙම වන අලි ප්‍රහාරය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ අධිකාරි මුදියන්සේලාගේ උක්කු බණ්ඩා නැමැති 61 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්.

තම පුතා සේවය නිමව රාත්‍රී කාලයේ දී නිවසට පැමිණෙන බවට දැනුම් දී ඇති අතර, ඔහුව කැඳවාගෙන ඒම සඳහා මෙම පුද්ගලයාගේ යතුරුපැදියක නැගී පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 07කණුව දක්වා යාමට පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, යන අතර තුර රජවිගම වැව ආසන්නයේ දී මොහු වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අලියාගේ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි මෙම පුද්ගලයා පුත්තලම මූලික රෝහල කරා රැගෙන අතර තුර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34