පුතාට පිහියෙන් ඇන්න පියා රක්ෂිත බන්ධනාගාරයට

සිය විවාහක පුතුට පිහියක් වැනි ආයුධයකින් ඇන බරපතල තුවාල සිදුකළ බව කියන මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූ පියෙකු ජනවාරි මස 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (23) නියෝග කළා.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අබ්දුල් අසීස් මොහොමඩ් නැමැත්තෙක්.

මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අධිකරණ නියෝග මත පෙර අවස්ථාවක දී පුනරුත්ථාපනය මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති සැකකාර පුද්ගලයා අදාළ පුනරුත්ථාපන ක්‍රියාවලියෙන් පසු නැවත නිවසට පැමිණි අවස්ථාවක මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය අධිකරණයට දන්වා සිටියා.

සැකකරුගේ විවාහක පුත්‍රයා මාලිගාවත්ත, ජුම්මා පාර ප්‍රදේශයේ එළවළු විකිණීමේ ව්‍යාපාරයක් කරගෙන යන බවත් සැකකාර පියා හා එම පුතා ඉකුත් 21 දින අලුයම 5.30ට පමණ එම එළවළු ව්‍යාපාරික ස්ථානයට ගිය අවස්ථාවක දී පියා විසින් එම ස්ථානයේ තිබූ පිහියක් වැනි තියුණු ආයුධයකින් පුතාට ඇන බරපතල තුවාල සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

බරපතළ තුවාල ලත් පුතා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන නිසා සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හැකියාවක් නොතිබූ බව පොලිසිය අධිකරණය පවසා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පුද්ගලයා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු නිසා නිරන්තරයෙන් එම නිවස තුළ ගැටුම් ඇති කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වූ බවයි.

පොලිසිය දැකවූ කරුණු සැලකිල්ලටට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකාර පුද්ගලයා ලබන ජනවාරි මස 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56