පුතාට කරදර කරපු නිසා මිතුරා ඝාතනය කළ පියා අත්අඩංගුවට

අගලවත්ත මහගම ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයේ සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී අගලවත්ත මහගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට මුගුරකින් හිසට පහරදිමෙනුයි මෙම ඝාතනය සිදු කර තිබුණේ.

ඝාතනය සිදු කළ පුද්ගලයා තම පුත්‍රයා සමග අගලවත්ත මහගම ප්‍රදේශයේ නාය යෑම හේතුවෙන් අත්හැර දමන ලද නිවසක සැඟව සිටියදී ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඊයේ සවස මත්පැන් බෝතලයක් ද රැගෙන ඝාතනය සිදු කළ පුද්ගලයාගේ නිවසට පැමිණ තිබුණා.

එම නිවසේ සිටි දරුවා පිළිබඳ මියගිය පුද්ගලයා තම මිතුරා වන දරුවාගේ පියාගෙන් විමසා ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපන කටයුතු කිරීම සඳහා පුත්‍රයා නිවසට කැඳවාගෙන පැමිණි බවයි.

බිරිඳ විදෙස් විදෙස් රැකියාවක නිරත වීම හේතුවෙන් පුත්‍රයාගේ ආරක්ෂාව සඳහා නිවෙසට රැගෙන ආ බව ඝාතනය සිදු කර ඇති පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා උරණව සිට ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ “ඔය පුතාව ගෙදර ගිහින් ඇරලාපං, නැත්තං අපිට නිදහසේ අඩියක් ගහන්න වෙන්නේ නැහැ” යනුවෙන්.

එහිදී ඇතිවූ වචන හුවමාරුවේ දී ඝාතනයට ලක්වූ පුද්ගලයා එම දරුවාගේ පොත්පත් සියල්ල ඇද දමා ඔහුට පාඩම් කිරීමට බාධා කිරීම හේතුවෙන් ඔහුගේ පියා වන සැකකරු නිවසේ තිබූ කිතුල් පොල්ලක් රැගෙන තම මිතුරාගේ හිසට සහ දෙපාවලට පහරදී තිබෙනවා.

පහර දීමෙන් පසු තම පුතා ද රැගෙන රාත්‍රියේම එම නිවසින් පිටත්ව ගිය ඔහු පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කරන ලෙසට ප්‍රදේශවාසීන්ට දැනුම් වී ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයා පිඹුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්වී තිබෙනවා.

අනතුරුව පළා ගොස් සැඟවී සිටි පුද්ගලයා සහ ඔහුගේ පුත්‍රයා මේ වන විට අගලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 12ක් වන පුත්‍රයා මෙම ඝාතනයට සම්බන්ධ නොමැති බවයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හෙට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
3
+1
6
+1
8
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03