පුත්තලම සභාපතිගේ මරණය ගැන අනාවරණයක් – සිව්දෙනෙක් අත්අඩංගුවට

පුත්තලම නගර සභාවේ සභාපති කේ.ඒ.බායිස් මහතාගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකුව සැකපිට පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වනාතවිල්ලුව පොලීසියට බාර දී තිබෙනවා.

ඊයේ සවස වනාතවිල්ලුව – එළුවන්කුලම, රාල්මඩුව ප්‍රදේශයේදී සිදුවී ඇති අනතුරකින් සභාපති කේ.ඒ.බායිස් මහතා මියගියා.

මිතුරන් තිදෙනෙකු සහ රියදුරු සමග සභාපතිවරයා නගර සභාවට අයත් කැබ් රථයෙන් 23 වැනිදා දහවල් එළුවන්කුලම – රාල්මඩුව ප්‍රදේශයේ පිහිටි තම පුද්ගලික වත්තකට ගොස් තිබෙනවා.

එහිදී පිරිස සාදයක්ද පවත්වා ඇති අතර සාදය අවසන් වී නගර සභාවට අයත් කැබ් රථයෙන් පිරිස පුත්තලම බලා ගමන් කර තිබෙනවා.

මෙහිදී සභාපතිවරයා කැබ් රථයේ පිටුපස කොටසේ (තට්ටුවේ) ‍විනෝද වෙමින් ගමන් කර ඇති බවද විමර්ශණ වලදී හෙලිවී ඇති බව පොලිසිය පවසනවා.

අධික වේගයෙන් ගමන් කර ඇති කැබ් රථයක් එක් වරම තිරිංග තද කිරීම හේතුවෙන් එහි පිටුපස සිටි සභාපතිවරයා බිමට වැටී ඇති බවද පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශණ වලදී හෙලිව තිබෙනවා.

අනතුරින් තුවාල ලබා සිටි කේ.ඒ.බායිස් මහතාව එම අවස්ථාවේදීම පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් ඔහු මිය ගොස් තිබී ඇත.

පොලිසිය පවසන්නේ පී.සී.ආර්.පරීක්ෂණයකින් අනතුරුව මිය ගොස් ඇති සභාපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අනතුරට පත් කැබ් රථයේ රියදුරු සහ එහි ගමන් කළ තිදෙනෙකුවයි.

මරණය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මිය යන විට 52 හැවිරිදි වියේ පසුවූ කේ.ඒ බායිස් මහතා සිව් දරු පියෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15