පුත්තලම මහාධිකරණයෙන් බන්ධනාගාර ගත කළ නීතීඥවරියගේ නඩුව අවසන්

අධිකරණයට අපහාස කළේ යැයි සඳහන් කරමින් පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද නීතීඥ එස්.ඒ. පී. උදයංගනී නිදහස් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ගොනු කළ රිට් පෙත්සම සමථයට පත්වීමෙන් අනතුරුව එහි විභාගය අභියාචනාධිකරණය හමුවේ අද (30) අවසන් වුණා.

මෙම පෙත්සම වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ කරුණු දක්වමින් කියා සිටියේ වග උත්තරකරුවන්ගේ එකඟත්වය අනුව අදාළ නඩුකරය අවසන් කිරීමට තීරණය කර ඇති බවයි

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා, තමන් නීතිඥවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි බවත්, දැනට පෙත්සම්කාරිය අභියාචනාධිකරණ මගින් නිදහස් කර ඇති බැවින් නඩුකරය අවසන් කිරීමට එකඟතාවය පළකරන බවයි සඳහන් කළේ.

ඒ, අනුව නඩු නඩුකරය අවසන් කිරීමට අධිකරණය තීරණය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04