spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුත්තලම කැලඹෙයි (වීඩියෝ)

පුත්තලමේ නගර කිහිපයකට අද අලුයම වනඅලියෙකු ගම් වැදී තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිත ව ජීවත් වන බොහෝ ජනයා නොසන්සුන් වී ඇති බවයි වාර්තා වන්නේ.

වනඅලියා යතුරු පැදියකට හා ත්‍රීවිල් රථයකට සිදු කළ පහරදීමෙන් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තිල්අඩිය, ගබඩා මාවත, මදාරා උයන, විසුද්දාරාම විහාරස්ථානය, ඩිපෝ හන්දිය, විල්ළුවත් සහ යුද හමුදා කඳවුර ඉදිරිපිට මහවිල්ළුව වැවේ මඳ වේලාවක් බැස සිට නිවාස රැසක් හරහා ගොස් කුරුණෑගල මාර්ගය
හරහා තම්භපණනී වතු යායට ගොස් ඇති බවයි පුත්තලම වනජීවී කාර්යාලය පවසන්නේ.

වනඅලියා ව මේ වනවිට වනජීවී නිළදාරින් විසින් නගරය ආසන්නයේ ඇති වනයට පලා හැර තිබෙනවා.

E 02
E 04
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
9
+1
4
+1
2
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?