පුටින් විසින් නෙරපා හැරි ඇමතිවරයා මියගොස් සිටියදී සොයා ගැනේ

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් විසින් ධුරයෙන් නෙරපා දැමූ එරට ප්‍රවාහන අමාත්‍යවරයා මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

විමර්ශන කණ්ඩායම් සඳහන් කළේ හිටපු රුසියානු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් වෙඩි තබාගෙන මියගොස් සිටිය දී මෙලෙස සොයාගත් බවයි.

පුටින් ජනධිපතිවරයා විසින් අදාළ අමාත්‍යවරයා ඊයේ දිනයේ එම තනතුරින් නෙරපා දැමුවා.

රෝමන් ස්ටාරොවොයිට් සේවයෙන් පහ කිරීමට කිසිදු හේතුවක් දක්වා නොමැති අතර, ඔහුගේ තනතුර වෙනුවෙන් නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය ඇන්ඩ්‍රි නිකිටින් පත්කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

2024 මැයි මාසයේදී ස්ටාරොවොයිට් රුසියානු ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත් කළ අතර, ඊට පෙර, ඔහු 2024 මැයි දක්වා වසර හයකට ආසන්න කාලයක් කර්ස්ක් කලාපයේ ආණ්ඩුකාරවරයා ලෙස සේවය කරනු ලැබුවා.

කෙසේ වෙතත් රෝමන් ස්ටාරොවොයිට්ගේ මියයාමේ සිද්ධියේ කරුණු තහවුරු කරගැනීමට කටයුතු කරන බවයි විමර්ශන අංශ වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36