පුටින් රුසියාව විනාශ කරන බව යුක්රේන ජනපති කියයි

ජනාධිපති ව්ලැද්මීර් පුටින් රුසියාව විනාශ කරන බව යුක්රේන ජනාධිපති Volodymyr Zelensky රුසියානුවන්ට ප්‍රකාශ කර තිබෙනවා.

හමුදා නිල ඇඳුමින් සැරසී පුටින් විසින් නව වසර වෙනුවෙන් සිදු කළ ප්‍රකාශයෙන් පසු අදහස් දක්වමින් සෙලෙන්ස්කි පැවසුවේ රුසියානු ජනාධිපතිවරයා සිය හමුදා පිටුපස සැඟවී සිටින අතර ඔවුන්ට නායකත්වය නොදෙන බවයි.

ඊයේ යුක්රේනයේ කියෙව් නුවරට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ලවූ අතර, යුක්රේනියානුවන් රුසියාවට සමාව නොදෙන බව ද ඔහු ප්‍රකාශ කළා.

ඊයේ එල්ලවූ එම ප්‍රහාරවලින් එක් අයෙකු මිය ගිය විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම නව වසර ආරම්භයෙන් පැය කිහිපයකට පසුව ද Kyiv වෙත තවත් මිසයිල ප්‍රහාර එල්ල වූ බවයි යුක්රේන නිලධාරීන් පවසන්නේ.

එම ප්‍රහාරයෙන් සිදුවූ ජිවිත හානි හෝ තුවාලකරුවන් සම්බන්ධයෙන් වාර්තා වී නැහැ.

යුක්රේනයේ හමුදා ප්‍රධානියා පැවසුවේ සෙනසුරාදා එල්ලවූ රුසියානු කෲස් මිසයිල 20න් 12ක් ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කර ඇති බවයි.

නව වසර ආරම්භයට පෙර එම ප්‍රහාර යුක්රේනයට එල්ල වූයේ යුද්ධය ආරම්භයේ සිට සිදු වූ විශාලතම ගුවන් ප්‍රහාරවලින් දින දෙකකට පසුවයි.

පසුගිය දිනවල එල්ලවූ එම ප්‍රහාර හමුවේ යුක්රේනයේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරීම් ද සිදුවී තිබෙනවා.

සාමාන්‍ය වැසියන් ඉලක්ක කර පහර නොදෙන බවට වන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කර ඇතත් යුක්රේනයේ තීරණාත්මක බලශක්ති මධ්‍යස්ථානවලට පහර දුන් බව පුටින් මෑතකදී පිළිගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38