spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුටින් රුසියාව විනාශ කරන බව යුක්රේන ජනපති කියයි

ජනාධිපති ව්ලැද්මීර් පුටින් රුසියාව විනාශ කරන බව යුක්රේන ජනාධිපති Volodymyr Zelensky රුසියානුවන්ට ප්‍රකාශ කර තිබෙනවා.

හමුදා නිල ඇඳුමින් සැරසී පුටින් විසින් නව වසර වෙනුවෙන් සිදු කළ ප්‍රකාශයෙන් පසු අදහස් දක්වමින් සෙලෙන්ස්කි පැවසුවේ රුසියානු ජනාධිපතිවරයා සිය හමුදා පිටුපස සැඟවී සිටින අතර ඔවුන්ට නායකත්වය නොදෙන බවයි.

ඊයේ යුක්රේනයේ කියෙව් නුවරට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ලවූ අතර, යුක්රේනියානුවන් රුසියාවට සමාව නොදෙන බව ද ඔහු ප්‍රකාශ කළා.

ඊයේ එල්ලවූ එම ප්‍රහාරවලින් එක් අයෙකු මිය ගිය විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම නව වසර ආරම්භයෙන් පැය කිහිපයකට පසුව ද Kyiv වෙත තවත් මිසයිල ප්‍රහාර එල්ල වූ බවයි යුක්රේන නිලධාරීන් පවසන්නේ.

එම ප්‍රහාරයෙන් සිදුවූ ජිවිත හානි හෝ තුවාලකරුවන් සම්බන්ධයෙන් වාර්තා වී නැහැ.

යුක්රේනයේ හමුදා ප්‍රධානියා පැවසුවේ සෙනසුරාදා එල්ලවූ රුසියානු කෲස් මිසයිල 20න් 12ක් ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කර ඇති බවයි.

නව වසර ආරම්භයට පෙර එම ප්‍රහාර යුක්රේනයට එල්ල වූයේ යුද්ධය ආරම්භයේ සිට සිදු වූ විශාලතම ගුවන් ප්‍රහාරවලින් දින දෙකකට පසුවයි.

පසුගිය දිනවල එල්ලවූ එම ප්‍රහාර හමුවේ යුක්රේනයේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරීම් ද සිදුවී තිබෙනවා.

සාමාන්‍ය වැසියන් ඉලක්ක කර පහර නොදෙන බවට වන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කර ඇතත් යුක්රේනයේ තීරණාත්මක බලශක්ති මධ්‍යස්ථානවලට පහර දුන් බව පුටින් මෑතකදී පිළිගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?