පුටින්ගේ පෙම්වතියටත් විරෝධතා

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රහස් පෙම්වතිය ලෙස සැලකෙන 38 හැවිරිදි අලීනා කබෝවා ද පුටින් විරෝධවාදීන්ගේ උදහසට ලක් වී සිටින බව වාර්තා වනවා. අලීනා දක්ෂ ජිම්නාස්ටික් ශූරියකි.

අලීනා කබෝවා තමන්ගේ පෙම්වතිය යැයි රුසියානු ජනාධිපති පුටින් කිසිදු අවස්ථාවක පිළිගෙන නැත. අලීනාට දරු දෙදෙනකු සිටින බවත් ඔවුන්ගේ පියා පුටින් බවයි පැපරාසි වෙබ් අඩවී සඳහන් කර සිටින්නේ.

පසුගිය පෙබරවාරි 24 වැනිදා ජනාධිපති පුටින්, යුක්රේනය ආක්‍රමණය සඳහා රුසියන් හමුදා මෙහෙයවද්දී, අලීනා කබෝවා සහ දරුවන් ස්විට්සර්ලන්තයට යැවීමට පියවර ගෙන ඇත.

ස්විට්සර්ලන්තයේ රැඳී සිටින අලීනා, වහා එරටින් නෙරපා දමන්නැයි රුසියාවේත්, යුක්රේනයේත්, බෙලරුස් රාජ්‍යයේත් සිටින පුටින් විරෝධීන් අන්තර් ජාලය හරහා පෙත්සමක් සකස් කර ඇත. එම පෙත්සමට මේ වනවිට අත්සන් 55,000 ක් ලැබී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අලීනා කබෝවා, පුටින්ගේ කීමට අනුව, රුසියානු දේශපාලනයට ද සම්බන්ධ වූ තැනැත්තියකි. ඇය වසර 6 ක් පාර්ලිමේන්තු නියෝජිතවරියක ලෙස පුටින්ගේ එක්සත් පාලක පක්ෂය නියෝජනය කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය දෙනකොට අසීමිත බලයක් දෙන්න එපා කාට වුණත්..දැන් මිනිස්සුන්ට තේරෙනවා වැරැද්ද
03:26
Video thumbnail
අපිට ජන වරමක් තියෙනවා මැතිවරණ දෙකකදිම..උඩුදුවන්න ඕනි නෑ - ජනතාවට යුක්තිය ඉටුකරනවා
05:14
Video thumbnail
මර්වින් ඇමති කාලයේ විශාල ධනස්කන්ධයක් උපයලා - ප්‍රසිද්ධ නිළියකටත් ලක්ෂ ගණන් දීලා
06:11
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36
Video thumbnail
සුවසැරිය සංවත්සරයට ගිහින් නලින්දට උපදෙස් දුන් හර්ෂ ? - නලින්දත් හොඳට ඇහුම්කන් දෙයි
01:00
Video thumbnail
හේමසිරි සහ පූජිත් නඩු තීන්දුවට මුහුණ දෙන්න අධිකරණයට පැමිණෙයි - කට්ටිය එක්ක ගැම්මට එන හැටි
03:05
Video thumbnail
අධිකරණයේ ස්වාධීනත්වය ගැන නාමල්ට කතා කරන්නවත් අයිතියක් නෑ - විහිළුවක්
04:28
Video thumbnail
ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා ?දොලවත්ත හෙළිකරයි
06:28
Video thumbnail
දයාසිරි, දොලවත්තගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් - විනිසුරුවරුන් තාම අල්ලස් අරගෙන නැහැ
08:01