spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුංචි ලෝකාන්තය ආසන්නයේ ප්‍රපාතයකට ඇද වැටුණු දෙදෙනාගෙන් අයෙක් මිය ගිහින්

මඩොල්සිම – පුංචි ලෝකාන්තයේ රාගල සානුව නැමති ස්ථානයෙන් ප්‍රපාතයකට ඇඳවැටීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙක් මියගොස් තිබෙනවා.

අදාළ තරුණයා බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (24) රාත්‍රියේ මියගොස් ඇති බව වාර්තා වුණේ.

පසුගිය 23 වනදා පස්වරුවේ උපන්දින සාදයක් පවත්වමින් සිටිය දී මොවුන් දෙදෙනා මෙලෙස ප්‍රපාතයට ඇද වැටී තිබුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පස්සර, පිහිකිඳගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බව සඳහන්.

මොහු සිය පුතාගේ දෙවැනි උපන්දිනය වෙනුවෙන් තම මිතුරන්ට පුංචි ලෝකාන්තයේ රාගල සානුව නමැති ස්ථානයේ දී මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.

එම සාදය අතරතුර මුත්‍රා කිරීම සඳහා ඒ අසල වූ ගලක නැඟි අවස්ථාවේ ඔහුගේ පය ලිස්සා ගොස් ඇති අතර, එම අවස්ථාවේ දී ඔහුව අල්ලා ගැනීමට උත්සාහ කළ මිතුරා ද සමඟ අඩි 50ක ප්‍රපාතයට වැටී ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

පසුව බරපතළ තත්ත්වයේ සිටි දෙදෙනාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම පුද්ගලයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

අනෙක් පුද්ගලයා මේ වනවිට බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු පැවසුවේ.

මඩොල්සිම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?