පුංචි ලෝකාන්තය ආසන්නයේ ප්‍රපාතයකට ඇද වැටුණු දෙදෙනාගෙන් අයෙක් මිය ගිහින්

මඩොල්සිම – පුංචි ලෝකාන්තයේ රාගල සානුව නැමති ස්ථානයෙන් ප්‍රපාතයකට ඇඳවැටීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙක් මියගොස් තිබෙනවා.

අදාළ තරුණයා බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (24) රාත්‍රියේ මියගොස් ඇති බව වාර්තා වුණේ.

පසුගිය 23 වනදා පස්වරුවේ උපන්දින සාදයක් පවත්වමින් සිටිය දී මොවුන් දෙදෙනා මෙලෙස ප්‍රපාතයට ඇද වැටී තිබුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පස්සර, පිහිකිඳගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බව සඳහන්.

මොහු සිය පුතාගේ දෙවැනි උපන්දිනය වෙනුවෙන් තම මිතුරන්ට පුංචි ලෝකාන්තයේ රාගල සානුව නමැති ස්ථානයේ දී මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.

එම සාදය අතරතුර මුත්‍රා කිරීම සඳහා ඒ අසල වූ ගලක නැඟි අවස්ථාවේ ඔහුගේ පය ලිස්සා ගොස් ඇති අතර, එම අවස්ථාවේ දී ඔහුව අල්ලා ගැනීමට උත්සාහ කළ මිතුරා ද සමඟ අඩි 50ක ප්‍රපාතයට වැටී ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

පසුව බරපතළ තත්ත්වයේ සිටි දෙදෙනාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම පුද්ගලයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

අනෙක් පුද්ගලයා මේ වනවිට බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු පැවසුවේ.

මඩොල්සිම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46