පුංචි ඡන්දයේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම් 60ක් විසිවෙයි

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම් 60 කට ආසන්න සංඛ්‍යාවක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (21) නියම කළා.

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.