පුංචි ඡන්දයේ අපේක්ෂකයා තරුණ ගොවි නියාමකවරිය ඝාතනය කරලා

තංගල්ල, නෙටොල්පිටිය, වැලිආර ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

අද (27) උදෑසන මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කරන ගොවි නියාමකවරියක්.

ආර්.එම්.දීපශිකා නැමැති මෙම කාන්තාව 30 හැවිරිදි වියේ පසුවූ බවයි වාර්තා වන්නේ.

ඇය සේවය සදහා නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට යමින් සිටිය දී මඟ රැක සිටි අයෙකු තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

පසු ගියදා නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පොහොර ඉල්ලා ඇති වූ ආරවුලක් දුරදිග යාම නිසා මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තංගල්ල ප්‍රාදේශීය සභාවට තරග වදින ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් ‘ඩැනිබේබි’ නමින් හදුන්වනු ලබන 41හැවිරිදි පුද්ගලයෙක් මෙම අපරාධය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු තංගල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42