පුංචි ඡන්දයට පිල්ලෙයාන් සහ කරුණා අම්මාන් එක්වෙයි

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් විසින් පිහිට වූ නැගෙනහිර දෙමළ සන්ධානය සමඟ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් එක් වී තිබෙනවා.

ඊට අදාළ අවබෝධතා ගිවිසුටම මඩකලපුව ප්‍රදේශයේ දී අද (22) අත්සන් තැබුණා.

නැගෙනහිර දෙමළ සන්ධානය සමඟ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ද මීට පෙර එක්ව තිබුණා.