spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුංචි ඡන්දයට ඡන්ද පත්‍රිකා කෝටියකට වැඩි සංඛ්‍යාවක් – වියදම කෝටි 30ක්

පළාත් පාලන මැතිවරණය සඳහා වන ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අරඹන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන මස මුල් සතියේ දී ආරම්භ කරන අතර,ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු දැනටමත් අරඹා ඇති බවයි රජයේ මුද්‍රණාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා කෝටියකට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට නියමිත අතර, ඒ සඳහා රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් වැය වනු ඇතැයි රජය මුද්‍රණාලය සඳහන් කරනවා.

එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මූලික අත්තිකාරම් මුදලක් රජයේ මුද්‍රණාලය විසින් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?