පුංචි ඡන්දයට අලුත් දිනයක් දෙන්න මැතිවරණ කොමිසම අද රැස්වෙයි

පළාත් පාළන මැතිවරණය නියමිත දිනට පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබදව සාකච්ජා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අද (03) දිනයේ රැස්වීමට නියමිතයි.

එම කොමිෂන් සභාවේ සමාජිකයින් වන එම්.එම්.මොහොමඩ්, එස්.බි.දිවාරත්න සහ කේ.පී.පී. පතිරණ මෙම සාකච්ඡාවට එක්වන බවයි එහි සභාපති නිමල් පුංචිහේවා සදහන් කළේ.

එළඹෙන 09 වනදා මැතිවරණය පැවැත්වීමට සැලසුම්කර තිබුණ ද මුදල් ප්‍රතිපාදන නිසි පරිදි නොලැබිම හේතුවෙන් එය නියමිත දිනට පැවැත්වීමට නොහැකි බවයි එම කොමිසම මීට පෙර පැවසුවේ.

ඒ, අනුව පළාත් පාලන ඡන්ද වීමසීම සදහා වෙනත් දිනයක් තීරණය කිරීම අද (03) දිනයේ රැස්වන මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදුකරනු ඇති.

මෙම සාකච්ඡාවෙන් පසු අවශ්‍යතාවය පරිදි රජයේ මුද්‍රණාලය ඇතුළු අනෙකුත් ආයතන කැඳවා ඡන්ද විමසීම පිළිබඳ සාකච්ඡා කරන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 38.3 වගන්තියට අනුව මැතිවරණය කල්දැමිමේ අයිතිය මැතිවරණ කොමිසමට පවතින අතර,ඡන්දය කල් දමන දිනයේ සිට දින 21කට පසු දිනයක ඡන්ද විමසීම පැවත්වෙන දිනයක් කොමිසම විසින් ප්‍රකාශයට පත් කළ යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28