නිවසේ මිදුලේ තිබූ කොන්ක්‍රීට්වලින් තැනූ ජිරාෆ් සතෙකුගේ පිළිරුවක් කඩා වැටීමෙන් ඊට යට වී දරුවෙක් ඊයේ (14) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පඬුවස්නුවර, දිග්ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු අටක් වයසැති දරුවෙක්.
චේතිය චිරාන් නැමැති මෙම දරුවා හෙට්ටිපොළ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්.
දරුවා අනතුරට ලක්වීමෙන් පසු කුලියාපිටිය මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී දරුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.
අනතුර සම්බන්ධයෙන් හෙට්ටිපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරණු ලබනවා.













