spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුංචි චිරාන්ට දිවි අහිමි කළ ඛේදවාචකය

නිවසේ මිදුලේ තිබූ කොන්ක්‍රීට්වලින් තැනූ ජිරාෆ් සතෙකුගේ පිළිරුවක් කඩා වැටීමෙන් ඊට යට වී දරුවෙක් ඊයේ (14) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පඬුවස්නුවර, දිග්ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු අටක් වයසැති දරුවෙක්.

චේතිය චිරාන් නැමැති මෙම දරුවා හෙට්ටිපොළ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්.

දරුවා අනතුරට ලක්වීමෙන් පසු කුලියාපිටිය මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී දරුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් හෙට්ටිපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?