පී.සී.ආර්. පරීක්ෂණවලින් කට්ටි පනින මන්ත්‍රීවරු

කොවිඩ් 19 අසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ වලට යෙමුවන්න‘යි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම ආයාචනය කරයි. පාර්ලිමේන්තුවේ මෙතෙක්  සිදුකළ පීසීආර් පරීක්ෂණ සඳහා සහභාගි වී ඇත්තේ ආණ්ඩු පක්ෂ සහ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු 90 දෙනෙක් පමණ බවද වාර්තා වේ.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවෙන් කොවිඩ් -19 ආසාදිතයින් 4 දෙනකු හඳුනාගැනීමෙන් පසු පාර්ලිමේන්තුව තුළ පීසීආර් පරික්ෂණ සිදුකිරිමට තීරණය කරන ලදි. එහෙත් නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇති පරිදි අද (26) වන විට පාර්ලිමේන්තු පොකුරෙන් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

මෙම කරුණ හේතුවෙන් කතානායකවරයා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණ කරගනිමින් වයිරසය පැතිර යාම හැකි තරම් පාලනය කරගන්නා ලෙසයි. එහෙත් නියමිත ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම ඉතා පහළ මට්ටමක පවතින බවයි.

වයිරසය අසාදනය වූ මන්ත්‍රීවරුන් සමගින් ආශ්‍රය කළ සෙසු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම තමන්ටත් වයිරසය අසාදනය වී ඇතැයි දැනටමත් බියවී සිටින බවද වාර්තා වේ.

මේ වන විට පාර්ලිමේන්තුව තුළ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ නීතිරිතී වලට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරමින් අත්‍යවශ්‍ය කැබිනට් පත්‍රිකා පමණක් ඉදිරිපත් කිරීමට
කතානායකවරයා තීරණය කර ඇති බවද දැනගන්නට තිබේ. වයිරසයේ පැතිරීම පාලනය කරගන්නා තුරු අනෙකුත් අත්‍යවශ්‍ය නොවන කටයුතු සියල්ලම සීමා කර ඇත.

කතානායකවරයාද මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානවලට යාම සීමා කර ඇති අතර පොදු කටයුතුවලට සහභාගී නොවන මෙන් අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත. කොරෝන වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාර්ලිමේන්තුව රැස්වන්නේ සතියට දින දෙකක් පමණි.

ඊයේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී තිබිණ. එහෙත් දයාසිරි ජයසේකර සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරු මේ වන විට පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටත්ව ගොස් සිටිති.

කොරෝනා වයිරසය අසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු

දයාසිරි ජයසේකර මහතා

වාසුදේව නානායක්කාර මහතා 

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය‍

පියල් නිශාන්ත මහතා

රවුෆ් හකීම් මහතා

වසන්ත යාපා බණ්ඩාර මහතා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23