පීඑච්අයි සංගමය එන්නත් සම්බන්ධයෙන් සිදු කළ හෙළිදරව්ව

දැනට පවතින එන්නත්කරණයේ දත්ත පිළිබඳ බරපතළ ගැටලු පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේ අසමතුලිත තත්ත්වයක් ද ගොඩනැගී ඇති බවය. “

ජතික මට්ටමේ, දිස්ත්‍රික් මට්ටමේ සහ පළාත් මට්ටමේ දැනට පවතින එන්නත් ආවරණයේ දත්ත පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය වී තිබෙනවා. විශේෂයෙන් එන්නත් ලබානොගත් විශාල පිරිසක් බිම් මට්ටමේ ඉන්නවා. ඒ නිසා එන්නත් වැඩසටහනේ අසමතුලිත තත්ත්වයන් නිර්මාණය වෙලා. තවම එකම එන්නත් මාත්‍රාවක්වත් නොලැබුණු ග්‍රාම නිලධාරී කොට්ඨාස රාශියක් තියෙනවා. ඒ වගේම එන්නත් දෙකම ලබාගෙන යම් කාලසීමාවක් ගතකරපු ජනතාවත් ඉන්නවා.”

“ලංකාවේ ඕනෑම එන්නත් මධ්‍යස්ථානයකින් පළමු එන්නත් මාත්‍රාව ගන්න පුළුවන් කියලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා. ඒකෙන් පේන්නේ රටේ බිම් මට්ටමේ පවතින තත්ත්වය ගැන කාර්යසාධක බලකායේ නියෝජිතයෝ දන්නේ නෑ කියන එක. දිස්ත්‍රික්කය තුළ එන්නත් බෙදන්නේ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ජනගහණය මත පදනම් වෙලා. ඒ ලැබෙන සීමිත එන්නත් ප්‍රමාණය කළමනාකරණය කරගන්නේ ග්‍රාම නිලධාරී කොට්ඨාසයක් පදනම් කරගෙන.

එහි ජනගහනයට සාපේක්ෂව තමයි අපි එන්නත් මධ්‍යස්ථානයක් පිහිටවන්නේ. ඒකයි අදාළ කොට්ඨාසයේ ජනතාවට පමණක් ආරාධනා කරන්නේ එන්නත් ලබාගන්න. ඒ නිසා පිටතින් පිරිස් ඇවිත් එන්නත් ලබාගත්තොත් ඒ කොට්ඨාසයේ ජනතාවට එන්නත් ප්‍රමාණවත් නොවීම නිසා ගැටලු ඇතිවෙනවා.

ඊට පස්සේ ජනතාව අතර ගැටුම් නිර්මාණය වෙනවා. ඒ නිසා අපි නැවත වරක් අවධාරණය කරන්නේ තමන්ට කිසිදු අවස්ථාවක් නෑ තමන්ගේ ග්‍රාම නිලධාරී කොට්ඨාසයෙන් හැර හෝ විශේෂ දැනුම්දීමක් නොකරපු ස්ථානයකින් පළමු මාත්‍රාව ලබාගන්න. කිසිසේත් තමන්ට අදාළ නැති එන්නත් මධ්‍යස්ථානයකට ගිහින් අනවශ්‍ය අර්බුද ඇති කරන්න එපා.” 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46