පිළිකා විශේෂඥ වෛද්‍යවරයාට පහරදුන් සේවකයන් දෙදෙනෙකුත් අත්අඩංගුවට

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදුන් බව කියන එම රෝහලේ කණිෂ්ට කාර්යය මණ්ඩලයේ සේවකයෙකු සහ සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල පොලිසිය මගින් මෙලෙස මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල කොට්ටවගම පදිංචි සෞඛ්‍ය කාර්ය සහායිකාවක් සහ අකුරැස්ස දියලපේ පදිංචි සෞඛ්‍ය කාර්ය සහායකයෙක්.

පසුගිය 16 වනදා පැවති වැඩ වර්ජනයට පිළිකා වාට්ටුවේ සේවකයින් සහභාගී නොවන බවට ප්‍රකාශ කර තිබුණ ද කණිෂ්ඨ සේවකයින් වරජනයට සහභාගි වීම සම්බන්ධයෙන් පසුදින වෛද්‍යවරයා සහ කාර්ය මණ්ඩලය අතර බහින්බස් වීමක් සිදුව තිබුණා.

එහිදී කණිෂ්ඨ සේවකයින් තමාට පහරදුන් බවට වෛද්‍යවරයා විසින් කර තිබු පැමිණිල්ලක් අනුවයි මෙම සැකකාරිය සහ සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ.

එම අවස්ථාවේදී කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවකට සහ සේවකයෙකුට පහරදිමේ චෝදනාව යටතේ පසුගිය 18 වනදා අත් අඩංගුවට ගත් වෛද්‍යවරයා හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.

මේ අතර වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් විරෝධතාවයක් අද පෙවරුවේ කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටදී පැවැත්වුණා.

විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට ආදරය කරන රෝගීන්, වෛද්‍යවරු, ව්‍යාපාරික ප්‍රජාව, සිවිල් සංවිධාන ක්‍රියාකාරින්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

විරෝධතාකරුවන් කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුව අසල විරෝධතාවය දක්වා පාගමනින් පැමිණ රෝහල ඉදිරිපිටදී ද විරෝධතාවයේ නිරතවී තිබෙනවා.

මේ අතර විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා සේවයෙන් විශ්‍රාම ලබා ගැනීම සඳහා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා දෙන ලෙස ලිඛිතව ඉල්ලීම් කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මෙම ශල්‍ය වෛද්‍යවරයාට නව චක්‍රලේඛයට අනුව වසර 63ක් දක්වා සේවය කිරීමට හැකි වුව ද එම විශ්‍රාම සීමාවට වසර දෙකකට පෙර මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14