spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිළිකා රෝගී තරුණියක් ලක්ෂ 03කට අලෙවි කිරීමට ගිය සැකකරුට සිදුවු දේ මෙන්න

පිළිකා රෝගයකින් පෙළෙන විසි එක් හැවිරිදි තරුණියක රුපියල් ලක්ෂ තුනකට පොළොන්නරුවේ ප්‍රාදේශීය සභාවල ඉදිකිරීම් භාරව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුට විකිණීමට සූදානම් වීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරිවියක කන්‍යාවියක් බව කියමින් රුපියල් ලක්ෂ තුනකට අදාළ ව්‍යාපාරිකයාට විකුණා ඇත්තේද ‘මෙල්ඩා’ නමින් ප්‍රසිද්ධ මෙම ජාවාරම්කරු බව හෙළිවී ඇත.

දැනට අත්අඩංගුවට ගෙන සිටින ව්‍යාපාරිකයාගේ දුරකථනය භාරයට ගෙන විශ්ලේෂණය කිරීමේදී මෙම සතියේදී පිළිකා රෝගී තරුණියව කන්‍යාවියක් සේ විකිණීමේ සූදානම හෙළි වී තිබේ.

මෙම කෝටිපතියාට කන්‍යාවියන් සොයා දීමේදී කන්‍යා භාවය ගැන වෛද්‍ය සහතික පවා ලබාදී ඇති බවත්, මෙල්ඩා නමැති සැකකරු තරුණියන්ගේ සංචිතයක් පවත්වාගෙන යමින් ගණිකා ජාවාරමේ නිරත ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු බවත් හෙළි වී ඇත.

– තිස්ස රවීන්ද්‍ර පෙරේරා (Aruna)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?