පිළිකාව විනාශ කරන පෝෂක ඖෂධයක්

පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ කීපයක් ළගදීම වෙළෙදපොළට නිකුත් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා පවසයි.

ඉහළ කීර්තිබ්නාමයක් හිමි කරගෙන ඇති ඖෂධීය තේ නිෂ්පාදිත සමාගමක් හා එක්ව මෙම පෝෂක ඖෂධ වෙළෙදපොළට නිකුත් කිරීමට ගිවිසුම් අත්සන් තැබූ බව ඔහු පවසයි.

ස්වාභාවික ඖෂධවලින් ප්‍රති පිළිකාකාරක සෙවීම සදහා වසර ගණනාවක් තිස්සේ පර්යේෂණවල නියැළීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය නිපදවීමට හැකියාව ලැබී ඇති අතර පිළිකාවලින් පෙලෙන සහ ඉදිරියේදී පිළිකා ඇතිවීමට අවදානමක් ඇති පිරිස් සදහා භාවිතයට ගත හැකි වන පරිදි මෙම පෝෂක ඖෂධය නිපදවා තිබේ.

“අපි වසර ගණනාවක් තිස්සේ ප්‍රති පිළිකාකාරක සෙවීමේ පර්යේෂණවල නිතරව සිටිනවා. ඒ අනුව ස්වාභාවික ආහාරවර්ග අලලා සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම පෝෂක ඖෂධ සොයාගැනීමට අපට හැකිවුණා. එමෙන්ම එම ඖෂධ උපයෝගීකරගෙන සිදුකළ පර්යේෂණවල සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා. ඒ අනුව මෙම පෝෂක ඖෂධ සුවහසක් පිළිකා රෝගීන් වෙනුවෙන් වෙළෙදපොළට රැගෙන ඒමට අපට හැකිවුණා.

මෙම පෝෂක ඖෂධ මගින් පිළිකා රෝගීන්ගේ ජිවන මට්ටම ඉහළින් පවත්වා ගැනීමට සහ පිළිකා සෛලවල සිදුවන සීග්‍ර වර්ධනය යම් පමණින් හෝ අඩාල කිරීමට හැකියාව තියෙනවා. “ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29